වෙබි අඩවිය සැකසීමට උපදෙස් දුන් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.තේනබදු මහතාට ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ඩන මිය. නිවිතිගල කලාපයේ ගණිත ගුරු උපදේශක පතිරත්න ගුරු පියාණන්ට , ඒ සදහා අවස්ථාව ලබා දුන් පළාත් ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතාටත් ,රෝහිත ජයවර්ධන මහතා , නන්දන සිසිරකුමාර මහතාත් ගෞරවයෙන් සිහිපත් කරමි. .

දිරිය දරුවන්



 

 

2012/05/16

කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව තරග වාර්තා 29ක්‌
විරාඡ්, මධුෂානි, මිලාන් සහ අශාන්ත
ස්‌පාඤ්ඤ ලෝක ශූරතා වරම් දිනති


තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වූ සහ ජගත් 23 න් පහළ ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබූ මධුෂානි සිරිවර්ධන, මලල ක්‍රීඩා සභාපති මේජර්Êජනරාල් දයා රත්නයක අතින් අදාළ සම්මානය ලබාගත් අයුරු.

ඡායාරූපය - රීමස්‌ ප්‍රනාන්දු

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් සිවු දිනක්‌ මුළුල්ලේ දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති 55 වැනි ජාතික ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතව නව තරග වාර්තා 29 ක්‌ පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. වයස්‌ සීමා හතරක්‌ යටතේ (වයස අවු. 16, 18, 20 සහ 23) ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය ලබන ජුනි 9-13 වකවානුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 15 වැනි ආසියානු ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්‌ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ලෙස ප්‍රකාශයට පත් කොට තිබූ හෙයින් වැඩි සහභාගිත්වයක්‌ පෙන්නුම් කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉකුත් අප්‍රියෙල් 23 දාතමින් යුතුව නිකුත් කරන ලද Eගඨගරැ15රැ2රැ2රැ16 දරන චක්‍රලේඛය අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව ජාතික ක්‍රීඩා සංගම් විසින් හෝ වෙනත් සංවිධාන විසින් සංවිධානය කරනු ලබන වයස්‌ සීමා තරගාවලි සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිකරවීම සපුරා තහනම් කොට ඇති නමුදු එම චක්‍රලේඛය පැහැර හරිමින් 3000 ආසන්න පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්‌ අදාළ තරගාවලිය සඳහා සහභාගිවීම කැපී පෙනුණු සිද්ධියක්‌ විය.
මේ අතර මෙවර තරගාවලියේදී ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ විරා- රන්දෙණිය මීටර 110 කඩුලු පැනීමේ ඉසව්ව තත්. 14.22 කින් නිම කරමින්ද ගලෙන්බිඳුණුවැව මහ විදුහලේ මධුෂාණි සිරිවර්ධන උස පැනීම මීටර 1.80 කින් නිම කරමින් ද දැක්‌වූ දක්‍ෂතාව, ලබන ජුලි මාසයේ ස්‌පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමේ කඩඉම සම්පූර්ණ කිරීමක්‌ වන අතර ඒ අනුව අදාළ තරගාවලිය නියෝජනය කිරීම සඳහා දැනට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 4 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මීට පෙර හංවැල්ල රාජසිංහ මැදි මහ විදුහලේ මිලාන් දිසානායක(උස මීටර 2.15) සහ කොටහේන ශා. බෙන්ඩික්‌ට්‌ විදුහලේ අෂාන්ත කුමාර(මීටර 100, තත්. 10.64) සුදුසුකම් ලබා ගත්හ.

දක්‍ෂතම ක්‍රීඩක -ක්‍රීඩිකාවෝ

වයස අවු. 16 න් පහළ

දක්‍ෂතම ක්‍රීඩකයා - ඒ. එම්. මධුෂංක(තල්දෙන ශා. රීටා විදුහල), දක්‍ෂතාව - කවපෙත්ත මීටර 47.4

දක්‍ෂතම ක්‍රීඩිකාව - ඩබ්. ජී. ඩී. වී. අමරසිංහ(කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහල) දක්‍ෂතාව - මීටර 200 ත. 26.46

වයස අවු. 18 න් පහළ

දක්‍ෂතම ක්‍රීඩකයා - ඩබ්. කේ. එම්. උදය කුමාර(රත්නපුර කුමර විදුහල), දක්‍ෂතාව - දුර පැනීම මීටර 7.24

දක්‍ෂතම ක්‍රීඩිකාව - ඩබ්. එන්. ටී. වික්‍රමනායක(මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල), දක්‍ෂතාව - මීටර 100 ත. 12.67

වයස අවු. 20 න් පහළ

දක්‍ෂතම ක්‍රීඩකයා - විරාඡ් රන්දෙණිය(ගන්නෝරුව රණබිම රාජකීය විදුහල), දක්‍ෂතාව - මීටර 110 කඩුලු ත. 14.22

දක්‍ෂතම ක්‍රීඩිකාව - මදුෂාණි සිරිවර්ධන(ගලෙන්බිඳුණවැව මහ විදුහල), දක්‍ෂතාව - උස පැනීම මීටර 1.80

වයස අවු. 23 න් පහළ

දක්‍ෂතම ක්‍රීඩකයා - මිලාන් දිසානායක(ශ්‍රී ලංකා යුද හමුදාව), දක්‍ෂතාව - දුර පැනීම මීටර 7.70

දක්‍ෂතම ක්‍රීඩිකාව - එරංගා දුලක්‌ෂි(ශ්‍රී ලංකා ගුවන් හමුදාව), දක්‍ෂතාව - මීටර 3000 බාධක වි. 10(39(21

 

මව්බිමට කීර්තිය ගෙනා ශිවන්තිට පාසලෙන් උපහාර


ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් හතරවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගයේදී මීටර් 400 බාලිකා තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ආර්. එච්. ශිවන්ති කුමාරි රත්නායක මව්බිමට කීර්තියක් අත්කර දීමට සමත් වූවාය.
පසුගියදා එංගලන්තයේ අයිල් ඔෆ් මෑන් දූපතේ පැවැති.

කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. එම්. සී. කේ. අතපත්තු මහත්මිය(දකුණ) ක්‍රීඩා උපදේශිකා නන්දාවති ගුරු මහත්මිය (වම) ක්‍රීඩා තරගයෙන් ජයග්‍රහණය කරන ලද ආර්. එම්. ශිවන්ති කුමාරි රත්නායක ශිෂ්‍යාව(මැද).
ඡායාරූපය - කෑගල්ල සමූහ පී. එම්. පී. පොල්වත්ත
මෙම තරගයේ පළමු ස්ථානය උගන්ඩාවද දෙවෙනි ස්ථානය ශ්‍රී ලංකාවද, 3 වැනි ස්ථානය ජැමෙයිකාවද හිමි කර ගන්නා ලදී.
ශ්‍රී ලංකාවෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් ශිවන්ති රඹුක්කන හිරිවඩුන්න කනිෂ්ඨ විද්‍යාලයේදී මූලික අධ්‍යාපනය ලබා 7 වන ශ්‍රේණියෙන් පසු කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබයි.
මීට පෙර විවිධ අවස්ථාවලදී ක්‍රීඩාවලින් දක්‍ෂතා පෙන්වමින්, 2008 වර්ෂයේ සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 ධාවන තරගයෙන් නව වාර්තා පිහිටුවමින් රන් පදක්කමද, මීටර් 200 ධාවන තරගයෙන් රන් පදක්කමද, ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 200න් රන් පදක්කමද, මීටර් 100 ධාවන තරගයෙන් රිදී පදක්කමද , ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400න් රන් පදක්කමද, මීටර් 200 ධාවන තරගයෙන් රන් පදක්කමද මීටර් 100 ධාවනයෙන් රිදි පදක්කමද දිනා ගනිමින් දක්‍ෂතම ක්‍රීඩිකාව විය.
2009 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී මීටර් 400 පළමු ස්ථානයද මීටර් 200න්පළමු ස්ථානයද දක්‍ෂම ක්‍රීඩිකාවද වූ අතර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 පළමු ස්ථානයද, මීටර් 200 දෙවැනි ස්ථානයද ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උලෙලේදී මීටර් 400න් පළමු ස්ථානයද මීටර් 200න් ප්‍රථම ස්ථානයද හිමිකර ගෙන ඇත.
2010 මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 දුර දිවීමෙන් පළමු ස්ථානයද මීටර් 200 දෙවැනි ස්ථානයද, කනිෂ්ඨ මලල ක්‍රීඩා උළේලේදී මීටර් 400න් දෙවැනි ස්ථානයද දිනා ගෙන ඇත.
2010 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේදී මීටර් 400න් ප්‍රථම ස්ථානයද මීටර් 200න් දෙවැනි ස්ථානයද ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී 400 දිවිමේදී පළමු ස්ථානයද 200න් ප්‍රථම ස්ථානයද, සමස්ථ ලංකා මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400න් ප්‍රථම ස්ථානයද, මීටර් 200 ප්‍රථම ස්ථානයද අවුරුදු 18න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාවද වූවාය.
ඇගේ පුහුණුකාරිය ලෙස සාන්ත ජොෂප් බාලිකාවේ ක්‍රීඩා භාර ආචාරිනි ඒ. ඩී. නන්දාවති මහත්මිය කටයුතු කරනු ලබයි.



රත්නපුර සමස්ත ලංකා පාසැල් ක්‍රීඩකයින් ඇගයේ. (2011/11/11)
2011 සමස්ථ ලංකා පාසැල් ක්‍රීඩාශූරින් සබරගමුව පළාත් සභාව මගින් ඇගයීමට ලක්කෙරේ.

මෙම ඇගැයුම් උළෙල පසුගියදා (09) රත්නපුර නිලානි උත්සව ශාලාවේදි පැවැත්විණි. සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහනය කළ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 81 දෙනෙකු වෙත සබරගමුව පළාත් සභාව මගින් තිළිණ හා මුදල් ප්‍රදානය කරනු ලැබීය. මීට අමතරව රත්නපුර දිසිත්‍රික්කයේ පාසැල් ක්‍රීඩා උපදේශකයින්ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් මළල ක්‍රිඩා සංගමයේ සභාපති රංජිත් බන්ඩාර , ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම් එම්.බී. එස්. එන්. කුමාරගේ, රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.වී. ජයසිංහ, පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂක උපසාර අලහකෝන් යන මන්ත්‍රීවරුද සහභාගි විය.


රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්‌ථානය 2011


රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්‌ථානයේ පසුගිය 21 වැනිදා පැවැති විසිරයැමේ පෙළපාළිය සහ ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගි වෙමිනි.
මේ සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි යුද නාවික, ගුවන් පොලිස්‌ හා තූර්ය වාදන පෙරදිග, අපරදිග, ශිෂ්‍යභට බාලක බාලිකා ඛාණ්‌ඩ 72 ක ශිෂ්‍යභට බාලක, බාලිකාවන් 4000 කට අධික සංඛ්‍යාවක්‌ද, සාර්ක්‌ රටවල් නියෝජනය කරමින් විදේශ ශිෂ්‍යභට බාලක, බාලිකාවන් සහ නිලධාරීන් 50 කට අධික සංඛ්‍යාවක්‌ද විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000 කට අධික සංඛ්‍යාවක්‌ද සහභාගි වී සිටියහ.
මෙහිදී ජාතික ශිෂ්‍යභට බළකාය මගින් වාර්ෂික සංවිධානය කරනු ලැබූ හර්මන්ලොස්‌ කුසලාන ශූරතාවයන් පිළිවෙළින් ප්‍රථම ස්‌ථානය මහනුවර කිංස්‌වුඩ් විද්‍යාලයටත්, දෙවැනි ස්‌ථානය ගම්පහ බණ්‌ඩාරනායක විද්‍යාලයටත්, තෙවැනි ස්‌ථානය කොළඹ රාජකීය විද්‍යාලයටත්, සිව්වැනි ස්‌ථානය වැලිගෙපොල ර/ ශ්‍රී වලගම්බා මහා විද්‍යාලයටත් පස්‌වැනි ස්‌ථානය කුරුණෑගල මලියදේව විද්‍යාලයටත් හිමිවිය.
ද සොයිසා කුසලාන ශූරතාවන් පිළිවෙළින් ප්‍රථම ස්‌ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත්, දෙවන ස්‌ථානය හොරණ තක්‌ෂිලා මධ්‍ය විද්‍යාලයටත්, තෙවැනි ස්‌ථානය බණ්‌ඩාරවෙල බ/ශාන්ත ජෝසප් විද්‍යාලයටත් සිව්වැනි ස්‌ථානය රත්නපුර ර/සුමන බාලිකා විද්‍යාලයටත් පස්‌වැනි ස්‌ථානය ගල්කිස්‌ස උසස්‌ බාලිකා විද්‍යාලයටත් හිමිවිය.

හර්මන්ලෝස් සහ දි සොයිසා කුසලාන කඳවුර 2011

ශිෂ්‍යභට කණ්ඩායම් තම පාසල්වල සංවර්ධන කරමින් පවත්වාගෙන යාම වෙනුවෙන් ජාතික ශිෂ්‍යභට බලකා 19කට අදාළ ව විදුහල්පතිවරුන් සහ විදුහල්පතිනියන් සඳහා සේවා ප‍්‍රණාම ප‍්‍රදානය පිළිගැන්වීම ද අගමැතිතුමා අතින් සිදු කෙරිණි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පති  එම්.ජී.ඕ.පී. පණ්ඩිතරත්න, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර, මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ විදුහල්පති  ටී.ආර්.එස්. මීටීයාගොඩ, මහනුවර රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ විදුහල්පති මේජර් ආර්.යූ.කේ. රාජපක්ෂ, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති  පී.ඒ.එස්. අල්විස් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි අයි. විතානාච්චි, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති වයි.ඒ.එන්.ඩී. යාපා, කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන, නාවල ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනි ඊ. ගුණවර්ධන, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.සී.පී. රත්නායක, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි කේ.ඒ. වජිරා කුමාරිහාමි, අනුරාධපුර පදවි මහසෙන් නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ.එස්. කුමාරගේ, බණ්ඩාරවෙල ධර්මපාල නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති කේ.එම්. දිසානායක, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන්, මාකොළ විශාකා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩී.එල්. පත්මසීලි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එච්.ඒ.එච්. ජයවර්ධන, රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පති  එම්. උපාලි ජයතිස්ස, පල්ලෙබැද්ද ශී‍්‍ර වජිරවංශ මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්.එම්. රංජිත් වීරතුංග මහතා, කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති  එන්.ඒ.ඩී.ආර්. හේමන්ත, අම්බලන්තොට මහා විද්‍යාලයේ විදුහල්පති  එන්.ජී.ජී. ධර්මදාස, පොලොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ විදුහල්පති  වයි.ජී.ඒ. යාපා, පානදුර සුමංගල පිරිමි මහා විද්‍යාලයේ විදුහල්පති එල්.ඩබ්. සෝමතිලක සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.ඒ.ආර්. අබේපාල, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති  ඩබ්.එම්.ඩී.ටී.පී. වනසිංහ, නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ටී.ඩී. ඉන්ද්‍රා කුමාරි, වැල්ලවාය මල්ලත්තාවල මහා විද්‍යාලයේ විදුහල්පති  ආර්.ජී. සොමිපාල, කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති  ගාමිණී අමදෝරු, අම්පාර නාමල්තලාව නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති  කේ. කරුණාසේන, නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ විදුහල්පති එම්.පී. කරුණාරත්න සහ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ විදුහල්පති වයි. යසරත්න මහත්ම මහත්මීහු තිළිණ ලැබූහ.

බාලිකා ශූරතාව රත්නපුර සුමන බාලිකාවට 2011

 බාලිකා ශූරතාව රත්නපුර සුමන බාලිකාවට

මස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක ශූරතාව මීගමුව මාරිස්‌ටෙලාට බාලිකා ශූරතාව රත්නපුර සුමන බාලිකාවට……….

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ඊයේ (03 දා) දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අවසන් වූ සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා 2011 ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස හංවැල්ල රාජකීය මැදි මහ විදුහලේ ඩී. එම්. එම්. මිලාන් දිසානායක සම්මාන ලැබූ අතර අතිශූර ක්‍රීඩිකාව ලෙස රාජගිරිය ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ නදීෂා හෙන්රි හෙන්ඩ්‍රසන් සම්මාන ලැබුවාය.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් සිවු දිනක්‌ මුළුල්ලේ පැවැති මෙම තරගාවලියේදී වයස අවු. 19 න් පහළ බාලක උස පැනීමේ ඉසව්ව මීටර 2.15 කින් නිමා කොට දැක්‌වූ දක්‍ෂතා සහ වයස අවු. 19 න් පහළ බාලිකා මීටර 400 ඉසව්ව තත්. 55.76 කින් නිම කොට දැක්‌වූ දක්‍ෂතාව පදනම් කොට ගෙන අදාළ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ජවන හා පිටිය මලල ක්‍රීඩා අතිශූර සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඒ අනුව මිලාන්ට සහ නදීෂානිට තරගාවලියේ අනුග්‍රාහක බැංකුවක්‌ වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් එක්‌ අයෙකුට මුදලින් රු. 125,000 බැගින් පිරිනමන ලදී.
නව තරග වාර්තා 24 ක්‌
වයස්‌ සීමා හතරක්‌ යටතේ බාලක – බාලිකා දෙඅංශයෙන් ක්‍රියාත්මක වූ 2011 සමස්‌ත ලංකා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තා 24 ක්‌ බිහිවූ අතර තවත් වාර්තාවක්‌ සම කෙරුණි.
ඒ අතරින් ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ සුපුන් විරාඡ් රන්දෙණිය වයස අවු. 19 න් පහළ මීටර 110 කඩුලු බාලක ඉසව්ව තත්. 14.41 කින් නිම කොට වසර 19 ක්‌ පැරණි (1992) වාර්තාවක්‌ බිඳ හෙළීම තරගාවලියේ තුන්වැනි දිනය වූ පෙරේදා සිදුවූ කැපී පෙනුණු සිදුවීමක්‌ විය. ඔහුට ධාවන තරග ඉසව් සඳහා දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද පිරිනැමිණි.
මේ අතර අදාළ තරගාවලියේ බාලක ශූරතාව මීගමුව මාරිස්‌ටෙලා විදුහල විසින් දිනා ගත් අතර රත්නපුර සුමන බාලිකා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී, ඒ අනුව දිවයිනේ පළාත් 9 නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් බස්‌නාහිර පළාත් කණ්‌ඩායමට මලල ක්‍රීඩා සමස්‌ත ශූරතාව හිමිවිය.
ක්‍රීඩාවට දෙවැනි තැන
මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන පාසල් ක්‍රීඩා ව්‍යාපෘතියේ අවසන් අදියර වූ සමස්‌ත ලංකා පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී බාහිර අලංකරණයට ප්‍රමුඛස්‌ථානයද ක්‍රීඩාවට අනු ස්‌ථානයද හිමිකර දෙමින් ඊයේ අවසන් වීම කිසියම් ශෝචනීය පෙර නිමිත්තක්‌ ලෙස සඳහන් කළ හැක.
ග්‍රාමීය ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව මෙන් ඇතැම් තරග ඉසව් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා බලධාරීන් පියවර ගත් අතර තරගාවලියේ පළමු හා දෙවැනි දිනයන්හි රාත්‍රි 6.50 වනතුරුත් තරග ඉසව් අඩ අඳුරේ පැවැත්වීම ඊට කදිම නිදසුනකි. ධාවන තරග ඉසව්වලට අමතරව රිටි පැනීමේ සහ උස පැනීමේ ඉසවුද අඩ අඳුරේ පැවැත්වීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ උපරිම දක්‍ෂතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අයුරු ද දැකගත හැකි විය.
නිසි වේලාවට තරග ඉසව් ආරම්භ නොකිරීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අවස්‌ථාව උදාවූ අතර අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍ය වූයේ එදිනෙදා තරග කෙසේ හෝ අවසන් කිරීම පමණි. ක්‍රීඩාවේ තත්ත්වය එසේ වුවද ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරියේ බාහිර අලංකාරය ඉහළින්ම ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
මීට අමතරව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්‌ ලෙස හඳුන්වනු ලබන දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ අභ්‍යන්තර අඩුපාඩුකම් රැසක්‌ පැවැතීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම පොදුවේ සැමට පෙර නොවූ අයුරින් විවිධ බාධකයන්ට මුහුණදීමට සිදුවිය. “අනේ සෑර්. වෙන කොහේ ගියත් මෙහාට නම් ආපහු එන්න බැහැ. පුදුම දුකක්‌නේ අපට විඳින්න සිදුවුණේ” යෑයි බහුතර පිරිස්‌ තම පාසල් ප්‍රධානීන්ට පවසනු ඇසිණි.
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) අවසන් වූ සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා සමාප්ති උළෙලේදී කණ්‌ඩායම් තරග යටතේ දක්‍ෂතා දැක්‌වූ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39 දෙනෙකුද රු. 25,000 බැගින් තිළිණ ලැබූහ. ඒ සඳහා ලංකා බැංකුව අනුග්‍රහය දක්‌වා තිබිණි.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා- නව තරග වාර්තා 17ක්

සමාප්ති උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන් - සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2011 සමාප්ති උළෙල අද (3) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පුරා දින 4 ක් තිස්සේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ සමාප්ති සමාචාරය පාසල් සිසු දරු දැරියන්ගේ අලංකාර සංස්කෘතික සංදර්ශනයකින් නිමාවට පත්වීමට නියමිතය.
අවසාන දිනය වන අද අවසාන තරග 39 ක් පැවැත්වීමට නියමිතය.
ඊයේ තෙවැනි දිනය අවසන් වන විට නව තරග වාර්තා 17 ක් බිහිකිරීමට ද, එක් තරග වාර්තාවක් සමකිරීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අවුරුදු 19 න් පහළ බාලක යගුලිය දැමීමේ තරගයේදී බස්නාහිර පළාතේ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ඩී. සංජුන සුමනවීර මීටර් 13.88 කින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය. මීට පෙර එම වාර්තාව බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ ඔෂාන් රජිත පෙරේරා පිහිටුවා තිබුණි.

21 න් පහළ රිටි පැනීමේ බාලිකා තරගයේදී මීටර් 3.10 කින් නව තරග වාර්තාවක් බිහිකළ එස්. තනූෂා ඡායාරූප-ලලිත් සී ගමගේ
අවුරුදු 17 න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ තරගයේදී මධ්‍යම පළාතේ ගලේවෙල මැදි විදුහලේ කවීදා කුමාරි මීටර් 37.22 කින් නව තරග වාර්තාවකට හිමිකම් කීවේ කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති ඕෂදි සිල්වා මීටර් 35.52 කින් තබා තිබූ වාර්තාව බිඳ දමමිනි.
අවුරුදු 19 න් පහළ බාලක රිටි පැනීමේ තරගයේදී මධ්‍යම පළාතේ වලල ඒ. මැණික්හින්න මැදි විදුහලේ එම්. එච්. අයි. සඳරුවන් නව තරග වාර්තාවක් බිහිකළේ මීටර් 4.00 ක දක්‍ෂතාව පෙන්වමිනි. 2008 වසරේදී එම විදුහලේම එන්. ටී. සඳරුවන් මීටර් 3.87 කින් තබා තිබූ වාර්තාව බිඳවැටිණි.
අවුරුදු 19 න් පහළ බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේදී බස්නාහිර පළාතේ හොරණ තක්ෂිලා මැදි විදුහලේ ළහිරු ප්‍රසන්නජිත් තත්පර 53.82 කින් නව තරග වාර්තාවක් බිහිකළේ 2010 වසරේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ එම්. එච්. ශලිම්ඩීන් තත්පර 53.93 කින් තබා තිබූ වාර්තාව අභිබවා යමිනි.
19 න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීමේ බාලිකා තරගයේදී සබරගමුව පළාතේ සුමනා බාලිකා විදුහලේ එන්. ගිම්හානි ජයතිලක විනාඩි 1:02.72 කින් නව තරග වාර්තාවක් බිහිකළේ පසුගිය වසරේ ඇය විසින්ම තබා තිබූ විනාඩි 1:03.22 ක වාර්තාව බිඳ දමමිනි.

සබරගමුව පළාතේ රත්නපුර කුමර විදුහලේ යූ. කුමාර අවුරුදු 17 න් පහළ බාලක දුර පැනීමේ දී මීටර් 7.07 ක දුරක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය.


මේ අනුව 1996 වසරේදී වේයන්ගොඩ සාන්ත මරියා විදුහලේ දුමින්ද ප්‍රසාද් සිල්වා මීටර් 7.06 කින් තබා තිබූ වාර්තාව බිඳ වැටිණි.
අවුරුදු 17 න් පහළ බාලිකා තුන්පිම්ම පැනීමේ තරගයේදී බස්නාහිර පළාතේ මීගමුව ආවේ මරියා බාලිකා විදුහලේ විදූෂා ලක්ෂානි මීටර් 11.48 කින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් වූයේ 2009 වසරේදී මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ අධීෂා ඉසුරු මීටර් 11.29 කින් තබා තිබූ වාර්තාව බිඳ දමමිනි.
උතුරු පළාතේ යාපනය අරුණෝදය විද්‍යාලයේ එස්. තනූෂා අවුරුදු 21 න් පහළ රිටි පැනීමේ බාලිකා තරගයේදී මීටර් 3.10 කින් නව තරග වාර්තාවක් බිහිකළාය. ඇය විසින් අභිබවා ගියේ 2009 වසරේදී කොළඹ යශෝදරා බාලිකාවේ ඉෂාරා උදයංගනී මීටර් 2.90 කින් තබා තිබූ වාර්තාවය. අවුරුදු 19 න් පහළ රිටි පැනීමේ බාලිකා තරගයේදී ද උතුරු පළාතේ යාපනය අරුණෝදය විද්‍යාලයේ ඒ. පවිත්‍රා මීටර් 3.00 ක් වාර්තා කරමින් 2009 වසරේදී එම විද්‍යාලයේම එස්. තනූෂා විසින් මීටර් 2.81 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය. මධ්‍යම පළාතේ ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ ජේ. එන්. රන්දෙනිය අවුරුදු 19 න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීමේ තරගයේදී තත්පර 14.41 කින් නව තරග වාර්තාවක් බිහිකරමින් 1992 වසරේදී බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ මහේෂ් පෙරේරා තත්පර 14.46 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය. (මෙය මූලික තරගයකි) බස්නාහිර පළාතේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නදීශානි හෙන්ඩර්සන් තත්පර 56.09 කින් අවුරුදු 19 න් පහළ බාලිකා මීටර් 400 තරගයේදී නව තරග වාර්තාවක් බිහිකරමින් 2005 වසරේදී මාදම්පේ සේනානායක මැදි විදුහලේ චන්ද්‍රිකා සුභාෂිණි තත්පර 56.79 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය. (මෙය අවසන් පූර්ව තරගයකි)

19න් පහළ රිටි පැනීමේ බාලිකා තරගයේදී මීටර් 3.00 කින් නව තරග වාර්තාවක් බිහිකළ ඒ. පවිත්‍රා
අවුරුදු 19 න් පහළ උස පැනීමේ තරගයේදී බස්නාහිර පළාතේ හංවැල්ල රාජසිංහ මැදි විදුහලේ මිලාන් දිසානායක මීටර් 2.15 කින් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය.
මීට පෙර එම වාර්තාව 2003 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහලේ සෙනරත් ප්‍රනාන්දු සහ මහනුවර ධර්මරාජ විදුහලේ අයි. සී. සොයිසා හා 2010 වසරේදී මිලාන් දසනායක විසින්ම මීටර් 2.08 කින් තබා තිබූ වාර්තාව බිඳ වැටුණි. තරගාවලිය සඳහා මෙවර හඳුන්වා දුන් මීටර් 5000 දිවීම තරගයන්හි අවුරුදු 19 න් පහළ බාලක වාර්තාවට හිමිකම් කීමට මධ්‍යම පළාතේ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ එම්. කේ. සෙනෙවිරත්නට හැකි විය. දක්‍ෂතාවය විනාඩි 18:02.32 කි. 21 න් පහළ බාලිකා මීටර් 5000 නව වාර්තාවට හිමිකම් කීවේ ඌව පළාතේ වැල්ලවාය කුමාරදාස මහ විදුහලේ අජන්තා සංජීවනීය. දක්‍ෂතාවය විනාඩි 18:55.00 කි. 
අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 100 සහාය දිවීමේ තරගයේදී සබරගමුව පළාතේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා විදුහල් කණ්ඩායම තත්පර 51.20 කින් 2006 වසරේදී කොළඹ කාන්තා විද්‍යාල කණ්ඩායම තත්පර 51.28 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය.


අවුරුදු 19 න් පහළ බාලිකා මීටර් 100 සහාය දිවීමේ තරගයේදී සබරගමුව පළාතේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකා කණ්ඩායම තත්පර 48.34 කින් 2008 වසරේදී එම විද්‍යාල කණ්ඩායම විසින් තත්පර 49.47 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය.

අවුරුදු 15 න් පහළ මීටර් 200 බාලක තරගයේදී බස්නාහිර පළාතේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අරෝශ් කාරියවසම් තත්පර 23.52 කින් නව තරග වාර්තාවක් බිහිකරමින් 2002 වසරේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ එස්. ආර්. මාකලන්ද හා එම විදුහලේම රුවන් ගුණසිංහ 2006 වසරේදී තත්පර 23.54 කින් තබා තිබූ වාර්තාව බිඳ දැමීය.
උතුරුමැද පළාතේ ගලෙන්බිඳුණුවැව මහ විදුහලේ එන්. එම්. සිරිවර්ධන අවුරුදු 19 න් පහළ බාලිකා උස පැනීමේ තරගයේදී තරග වාර්තාවත් සම කිරීමට සමත් වූවාය.
2002 වසරේදී දික්වැල්ල විජිත මැදි විදුහලේ තරංගා විනෝදනී හා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ පි‍්‍රයංගිකා මධුවන්ති මීටර් 1.70 කින් එම වාර්තාව තබා තිබේ.


සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා-2011

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03 දා) අවසන් වූ සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා සමාප්ති උළෙලේදී කණ්‌ඩායම් තරග යටතේ දක්‍ෂතා දැක්‌වූ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39 දෙනෙකුද රු. 25,000 බැගින් තිළිණ ලැබූහ. ඒ සඳහා ලංකා බැංකුව අනුග්‍රහය දක්‌වා තිබිණි.

ඉසව්ව පාසල සහ ක්‍රීඩකයා

වොලිබෝල් බාලක - නාත්තන්ඩිය ධම්මිස්‌සර මධ්‍ය මහ විද්‍යාලයේ මංජුල නලින් ගුණසිංහ

වොලිබෝල් බාලිකා - ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ඕ. පියුමි උමේෂිකා

දැල්පන්දු - කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහ විදුහලේ ඩබ්ලිව් ඒ.වී. ආර්. විඡේමුණි

පාපන්දු බාලක - මන්නාරම ශාන්ත සේවියර්Êවිද්‍යාලයේ ඒ. එµa. කුවීන් රෙස්‌මන්

පාපන්දු බාලිකා - පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලයේ කේ. ඒ. මධුෂානි යසාරා දයාරත්න

චෙස්‌ බාලක - අම්බලන්ගොඩ දේවපතිරාජ විදුහලේ ජී. ජී. එම්. මනුරංග

චෙස්‌ බාලිකා - මහනුවර උසස්‌ බාලිකා විද්‍යාලයේ දනුෂ්කි ප්‍රේමනාත්

කැරම් බාලක - කොළඹ රාජකීය විද්‍යාලයේ බී. පී. නිසංසල

කැරම් බාලිකා - බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ කන්‍යාරාමහේ මධුකා දිල්ෂානි රණවීර

බොක්‌සිං - මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ජී. ලුෂාන්ත්

පිහිණුම් බාලක - පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. එස්‌. වික්‍රමාරච්චි

පිහිණුම් බාලිකා - ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ගිහාරා අමරතුංග

ජූඩෝ බාලක - ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ටී.ජී. රොෂාන් මධුශංඛ

ජූඩෝ බාලිකා - මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්. ඩබ්. ඩී. සචිනි කෞශල්‍යා

කබඩි බාලක - දේහඅත්තකණ්‌ඩිය ජාතික පාසලේ ඒ.පී.ජීඩී.කේ.කේ.ගුරුගේ

කබඩි බාලිකා - ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ටී.එච්. තිළිණි තක්‌ෂිලා

එල්ලේ බාලක - උදම්මිටිය ආචාර්ය කුලසිංහ මහා විද්‍යාලයේ ඩබ්ලිව් උදාර මධුසාන්

එල්ලේ බාලිකා - කන්දාලය රජයේ සිංහල විද්‍යාලයේ ඩබ්ලිව්. බී. ලක්‌ෂාන් චතුනිමා

අර්ධ මැරතන් බාලක - හොරණ තක්‌ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ඒ.පී. කසුන් අතිරංග

අර්ධ මැරතන් බාලිකා - කටුගස්‌තොට ශ්‍රී රාහුල ජාතික පාසලේ මිලිනා කුමාරි සෙනෙවිරත්න

සැහැල්ලුපන්දු ක්‍රිකට්‌ - නැගෙනහිර කින්නියා ජාතික පාසලේ එම්.එම්.එම්. රිµdස්‌

මල්ලවපොර - මොරටුව වේල්ස්‌ කුමාර විද්‍යාලයේ ඒ.එම්. තිවංකද සිල්වා

අයෝමය ශිෂ්‍යයා - කළුතර ඥනෝදය මහ විද්‍යාලයේ ආර්. එම්. නිසංජ මහේෂ් රත්නායක

ජිම්නාස්‌ටික්‌ බාලක - කොළඹ ආනන්ද විද්‍යාලයේ ගජිත පත්තප්පෙරුම

ජිම්නාස්‌ටික්‌ බාලිකා - මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ පූර්ණිමා සත්සරණි දම්මුල්ලගේ

කරාතේ බාලක - කොළඹ ආනන්දවිදයාලයේ කේ. අරවින්ද ලොකුකළුගේ

කරාතේ බාලිකා - කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ආර්. එම්. එන්. කේ. අමරසිංහ

පාපැදි බාලක - ක¹න ශාන්ත සෙබස්‌තියන් මහ විද්‍යාලයේ කේ. පුෂ්පකුමාර මධුසංඛ

පාපැදි බාලිකා - අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සුලෝචනා සෙව්වන්දි හේවාපතිරණ

හොකී බාලක - කොළඹ රාජකීය විද්‍යාලයේ ශගින් ජෙµaරි අහමඩ්

හොකී බාලිකා - නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ටී. බී, ඉමේෂා ලක්‌ෂානි

පැසිපන්දු බාලක - කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රනීත් උඩුමලගල

පැසිපන්දු බාලිකා - නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ සඳුනි පෙරේරා

මේස පන්දු බාලක - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චමීSර ගිනිගේ

මේස පන්දු බාලිකා - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ජී. වී. නුවනි නවෝද්‍යා

බැඩ්මින්ටන් බාලක - කොළඹ ආනන්ද විද්‍යාලයේ පී. රත නුවන් පෙරේරා

බැඩ්මින්ටන් බාලිකා - කොළම විශාඛා විද්‍යාලයේ කේ. එම්. අචිනි නිමේෂිකා රත්නසිරි

ඇරොබික්‌ස්‌ ජිම්නාස්‌ටික්‌ බාලක - පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික පාසලේ ඩබ්ලිව්. එම්. පී. බී. වීරසේකර

ඇරොබික්‌ස්‌ ජිම්නාස්‌ටික්‌ බාලිකා - කඩවත මහාමායා බාලිකා මහ විද්‍යාලයේ බී. එම්. යූ. සඳුනිකා නවාංජලී

මලල ක්‍රීඩා - බැඩ්මින්ටන් යොවුන් ශූරියෝ මව්බිමට


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවෝ තිදෙනෙක් ආපසු මෙරට පැමිණෙති. මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් කෑගල්ල ශාන්ත ජෝෂෆ් බාලිකා විද්‍යාලයේ කුමාරි රත්නායක සමග බැඩ්මින්ටන් යුගල තරගයෙන් ලෝකඩ පදක්කම් දිනා ගත් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ උපුලි සමන්තිකා සහ කොළඹ විශාකා විද්‍යාලයේ අචිනි රත්නසිරි ක්‍රීඩිකාවන් සිය ජයග්‍රාහී සංකේත සමග. 2011 සමස්ත ලංකා ක්‍රිකට්‍ ශූරියෝ රත්නපුර සුමන බාලිකාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂිකව මෙහෙය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සැහැල්ලු පන්දු ක්‍රිකට්‍ තරගාවලියේ බාලිකා ශූරතාව සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර   සුමනා බාලිකා විද්‍යාලයට දෙවන වරටත් හිමි විය. 2011 සමස්ත ලංකා ක්‍රිකට්‍  අනු ශූරයෝ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂිකව මෙහෙය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සැහැල්ලු පන්දු ක්‍රිකට්‍ තරගාවලියේ අනු ශූරතාව සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට හිමි විය. නව පළාත් වාර්තා 23 ක් තබමින් XXI වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල නිමාවට පත් වේ. (2011.07.11) 

18න් පහළ පිරිමි වොලිබෝල් සූරතාව සේනානායක විදුහලට

දක්‍ෂතම ක්‍රීඩකයා මාදම්පෙන් ක්‍රීඩිකාව ආනමඩුවෙන්
ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ 18 න් පහළ බාලක සූරතාව මාදම්පේ සේනානායක විදුහල දිනා ගත්තේය. පසුගිය වසරේ එම අංශයේ සූරතාව දිනා සිටි නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල තරග වට 3 – 2 කින් පරාජය කළ සේනානායක ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ. ලකුණු තත්ත්වය වූයේ 25 – 21, 25 – 23, 20 – 15, 18 – 25 හා 15 – 10 කි.

පුස්සැල්ලේ පඤ්ඤාතිලක ස්වාමීන් වහන්සේගෙන් ක්‍රීඩිකාවන්ට උපදෙසක්.
18 න් පහළ බාලිකා සූරතාව ආනමඩුව මධ්‍ය මහා විදුහලට හිමිවිය. අවසන් තරගයේදී අනුරාධපුර මධ්‍ය මහා විදුහල 25 – 9, 25 – 21 හා 25 – 16 ක් ලෙස පරාජයට පත් විය. පාසල් වොලිබෝල් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මාදම්පේ සේනානායක විදුහලේ ෂෙහාන්ත තාමෙල් දිනාගත් අතර දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ආනමඩුව මධ්‍ය මහා විදුහලේ කේ. ඩී. වාසනා සම්මානයට පාත්‍ර වූවාය. මෙවර තරගාවලියේ විශේෂ සිදුවීමක් වූයේ ස්වාමීන්වහන්සේ නමකගේ පුහුණුව යටතේ තරග වැදුණු රක්වාන කැන්දපොල විදුහල 14 න් පහළ බාලිකා සූරතාව දිනා ගැනීමය. අම්පාර උහන කුමාරිගම මහා විදුහල හා පැවැති අවසන් තරගයේදී තරග වට 3 – 1 ක ජයක් කැන්දපොල විදුහලට හිමිවිය. එයට අමතරව පුස්සැල්ලේ පඤ්ඤාතිලක හිමියන් විසින්ම පුහුණුව ලබා දුන් 12 න් පහළ කාන්තා කණ්ඩායමද අනුසූරතාව දිනා ගත්තේය. එහි සූරතාව නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල දිනාගත්තේ තරග වට 2 – 0 කිනි. 12 න් පහළ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කැන්දපොල විදුහලේ උදේශිකා මනෝහාරි නම් කෙරුණි. 12 න් පහළ බාලක සූරතාව හුංගම විජයබා ජාතික පාසල දිනාගත් අතර අනුරාධපුර මැදවච්චිය ගාමිණී වැව මහා විදුහලට අනුසූරතාව හිමිවිය. දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස විජයබා ජාතික පාසලේ තරුන් මධුසංඛ සම්මාන දිනා ගත්තේය.

16 න් පහළ බාලක සූරතාව මාදම්පේ සේනානායක විදුහලට කුසලානය පිරිනැමූ අවස්ථාව.
14 න් පහළ බාලිකා තරග අංශයේ දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස ඒ. එම්. මධුවන්ති (කැන්දපොල වි.), දක්‍ෂතම ප්‍රහාරිකාව කේ. ජී. ඩී. අප්සරා (කුමාරිගම ම. වි.) හා දක්‍ෂතම ක්‍රීඩිකාව පී. ජී. පී. අප්සරා (කැන්දපොල වි.) සම්මාන දිනා ගත්හ. 14 න් පහළ බාලක සූරතාව රුවන්වැල්ල රාජසිංහ විදුහල ද, අනුසූරතාව නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල ද දිනා ගත්හ. දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස සහන් දිලීප (රාජසිංහ වි.) දක්‍ෂතම ප්‍රහාරකයා ලෙස ඒ. ඩී. එස්. සුබසිංහ (ධම්මිස්සර වි.) හා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස රවිෂාන් ගුණරත්න (රාජසිංහ වි.) සම්මාන දිනා ගත්හ. 16 න් පහළ බාලික සූරතාව තොඩුවාව සාන්ත අන්තෝනි විදුහල, අනුසූරතාව දෙනියාය සාන්ත මැතිව් විදුහල දිනා ගත්හ. පන්දු ඔසවන්නිය ෆාතිමා හුස්නියා (සා. මැතිව්), ප්‍රහාරිකාව මිලෝනි සලිදුනි (සා. අන්තෝනි) හා හොඳම ක්‍රීඩිකාව ඒ. ඒ. සඳමාලී සම්මාන දිනා ගත්හ. 16 න් පහළ බාලක සූරතාව මාදම්පේ සේනානායක විදුහල ද, අනු සූරතාව සීදූව දවිසමර විදුහල ද දිනා ගත්හ. පන්දු ඔසවන්නා එම්. එස්. ශ්‍රීමාල් (සේනානායක වි.), ප්‍රහාරකයා ඒ. ඩී. ප්‍රයනාත් (සේනානායක වි.) හා හොඳම ක්‍රීඩකයා චාමික සඳරුවන් (දවිසමර වි.) සම්මාන දිනා ගත්හ. 18 න් පහළ දක්‍ෂතම ඔසවන්නිය ලෙස එස්. චාරුකා (ආනමඩුව වි.), ප්‍රහාරිකාව කේ. ඩී. වාසනා (ආනමඩුව වි.) හා දක්‍ෂතම ක්‍රීඩිකාව ෂශිනි මංසලා (ආනමඩුව වි.) සම්මාන දිනා ගත්හ. 18 න් පහළ දක්‍ෂතම ඔසවන්නා ලෙස එස්. සම්පත් (සේනානායක වි.), ප්‍රහාරකයා ලෙස අයි. විමර්ශන (ධම්මිස්සර වි.) හා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ෂෙහාන්ත නාමෙල් (සේනානායක වි.) සම්මාන දිනා ගත්හ.


සංඝමිත්තා-මලියදේව බාලක-බාලිකා චෙස් සූරතා දිනති- 2011


සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 12 න් පහළ කණ්ඩායම් චෙස් තරඟාවලියේ බාලක බාලිකා සූරතාව දිනා ගැනීමට කුරුණෑගල මලියදේව හා ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල් සමත්විය. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ මෙහෙයවීමෙන් තරඟාවලිය මෙම මස 14 සිට 16 දක්වා මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. වයස අවුරුදු 10න් පහළ බාලක සූරතාව ගාල්ල රිච්මන්ඩ් විදුහලද බලිකා සූරතාව ගාල්ල සවුත්ලන්ඩ් විදුහලද දිනා ගත්තේය.
වයස අවුරුදු 12 න් පහළ බාලක කණ්ඩායම් සූරතාව ලකුණු 632.25ක් ලබාගත් කුරුණෑගල මලියදේව විදුහල දිනා ගනිද්දී කොළඹ ආනන්ද විදුහල ලකුණු 531ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයද මහනුවර ධර්මරාජ විදුහල ලකුණු 463ක් ලබා තෙවැනි ස්ථානයද දිනාගනු ලැබීය. වයස අවුරුදු 12න් පහළ බාලිකා දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීගමුව ආවි මරියා හා රත්නපුර පර්ගිය සුසන් උසස් බාලිකාව විසින් දිනාගනු ලැබීය.
වයස අවුරුදු 10න් පහළ බාලක දෙවන හා තෙවන ස්ථාන කුරුණෑගල මලියදේව හා කොළඹ ආනන්ද විදුහලද බාලිකා දෙවන හා තෙවන ස්ථාන අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල මලියදේව බාලිකා යන විදුහල් විසින්ද දිනාගත්තේය. මෙම තරගාවලිය පසුගිය 14 සිට 16 දක්වා මහනුවර ධර්ම රාජවිදුහල් ශාලාවේදී පැවැත්විය. දිවයිනේ පාසල් 314කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1760 ක් තරග වැදුනි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා අතින් සහ ධර්මරාජ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහාත අතින් ත්‍යාග ප්‍රදානය කෙරිණි.


---------------------------------------------------------------------------------------------------
23 වැනි ජාතික යෞවන උළෙල 2011/10/30
වසරේ ශූරයෝ රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන්

ටී. අනිල් සිරිවර්ධන -වස්‌කඩුව

23 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 20 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින් නාගරික තරුණයා දිස්‌ත්‍රික්‌කයේ ඩී. එම්. එම්. දිසානයක (උස පැනීම 2.09 මී) ද, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින්. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ එස්‌. ආර්. ඡේ. පබසරා සේනානායක (මීටර් 200, 25.01) ද, 20 න් ඉහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින් නාගරික තරුණයා දිස්‌ත්‍රික්‌කයේ එල්. පී. එස්‌. නිලංග (දුර පැනීම 7.45 මී) ද, එම දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඩබ්. කේ. එල්. ඒ නිමාලි (මීටර් 400, 55.80) ද සම්මාන ලබා යතුරපැදි දිනා ගැනීමට සමත් වූහ.

මෙම ක්‍රීඩා උළෙලේ දී නව තරග වාර්තා 32 ක්‌ බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වූ පෙරේදා (30 දා) මහ වැසි මධ්‍යයේ වුවද තරග වාර්තා 10 ක්‌ පිහිටුවීම විශේෂ සිදුවීමක්‌ විය.

තරගාවලියේ අවසන් දිනයේදී නව තරග වාර්තා බිහි කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

20 න් ඉහළ යගුලිය විසි කිරීම (පිරිමි) ගාල්ල ඩබ්. ඒ. ටී. සම්පත් (14.50 මී).

20 න් පහළ මීටර් 400 (පිරිමි) පොළොන්නරුව එම්. පී. ටී. එම්. මානව (49.78)

20 න් පහළ මීටර් 400 (කාන්තා)

ගම්පහ - එන්. එච්. පොන්ඩසන් (57.76)

20 න් පහළ හෙල්ල විසිකිරීම (කාන්තා)

රත්නපුර - එම්. ටී. එච්. කරුණාරත්න (40.01 මි)

20 න් පහළ මීටර් 10000 ඇවිදීම (පිරිමි)

කුරුණෑගල ඩී. ටී. රවී (53(35(30)

20 න් පහළ මීටර් 100 (පිරිමි)

නුවරඑළිය සී. නදිෂාන් (10.91)

20 න් පහළ මීටර් 1500 (කාන්තා)

හම්බන්තොට - ඩබ්. පී. ඊ. ආර්. දුලක්‍ෂි හා එම දිස්‌ත්‍රික්‌කයේම එම්. එම්. ජී. ඉරේෂා (4(37.59)

20 න් පහළ මීටර් 1500 (පිරිමි)

බදුල්ල එන්. එම්. සී. චතුර (4(05.05)

20 න් පහළ 4Ü400 කාන්තා

කෑගල්ල දිස්‌ත්‍රික්‌කය මෙවර තරගාවලියේදී ලකුණු 161/2 ක්‌ ලබා ගත් රත්නපුර දිස්‌ත්‍රික්‌කය වසරේ ශූරතාව හිමි විය. ලකුණු 83 ක්‌ ලබා ගත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය විසින් අනුශූරතාව ද ලකුණු 80 බැගින් සම ලකුණු ලබා ගත් නාගරික තරුණයා දිස්‌ත්‍රික්‌කය හා ගම්පහ දිස්‌ත්‍රික්‌කය විසින් තෙවන ස්‌ථානයද හිමිකර ගනු ලැබූහ.





නව වාර්තා පිහිටවූ ජනශක්ති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයති
2011/06/04
ගිම්හානි ජයතිලක,ඉෂාරා දයානන්ද,එස් තනූජා,පබසරා සේනානායක 
පසුගිය කාලයේ පැවති ජාතික මට්ටමේ තරගවලදී තරග වාර්තා පිහටුවමින් දස්කම් දැක් වූ ජනශක්ති අනුග්‍රහය ලබන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනාගතයේ දී අන්තර්ජාතික වශයෙන් ලාංකේය ධජය ලෝකය ඉදිරියේ අභිමානයෙන් ඔසවා තබනු ඇතැයි එහි මලල ක්‍රීඩා ව්‍යාපෘති සම්බන්ධීකාරක,එහි මූල්‍ය සහ සැළසුම් සාමාන්‍යාධිකාරී පින්ටෝ ජයවර්ධන පවසනවා.මේ ආකාරයට පසුගිය දිනවල නව වාර්තා තබමින් දක්ෂතා දැක්වූ ඉෂාරා දයානන්ද,නයෝමිකා ගිම්හානි ජයතිලක,චාමිකා ජයමිණි,පබසරා සේනානායක, අමාලි හර්ෂණී විජේසිංහ,හිරුනි දිසාලා වීරසේකර,එස්.තනූජා,ටී අනූෂා සහ ටී බාලකුමාර් අගයමින් ජනශක්ති රක්ෂණ සමාගම මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඉෂාරා දයානන්ද (රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහල) මීටර් 100 කඩුළු පැනීම,ගිම්හානි ජයතිලක සහ චාමිකා ජයමිණි(රත්නපුර සුමන බාලිකා විදුහල) පිළිවෙළින් මීටර් 400 කඩුළු සහ මීටර් 1500,පබසරා සේනානායක (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විදුහල) මීටර් 100 සහ 200,අමාලි හර්ෂණි විජේසිංහ (ජනශක්ති රක්ෂණ) පිළීවෙළින් මීටර් 100 කඩුළු පැනීම  හිමේෂා මධුෂානි සිරිවර්ධන (ගලෙන්බිදුනුවැව මධ්‍ය මහා විදුහල) උස පැනීම,ටී අනූෂා (වව්නියාව) කවපෙත්ත  පැනීම යන ඉසව් වලින් මෙම වාර්තා පිහිටුවීමට සමත් වූහ.යාපනයේ අරුනෝදය විදුහලේ එස් තනූජා මේ වන විට සිය නම වාර්තා පොතට ඇතුළත් කර ගෙන ඇත්තේ මීටර් 3ක උස ප්‍රමාණයක් පළමුවරට ඉක්මවා ගිය රිටි පැනීමේ ක්‍රීඩිකාව හැටියට යි. හැටියටයි.
එසේම යාපනයේ ටී බාලකුමාර් සහ රත්නපුර ෆර්ගියුෂන් උසස් බාලිකා විදුහල නියෝජනය කළ වර්ථමානයේ ජනශක්ති හී සේවයේ නියුතු හිරුනි දිසාලා වීරසේකර දැක් වූ දක්ෂතාද මෙම නිවේදනය හරහා ඇගයීමට ලක් කර තිබෙනවා.මෙම නිවේදනය මගින් පින්ටෝ ජයවර්ධනයන් තව දුරටත් පැහැදිලි කරන්නේ කොළඹින් පිට පළාත් ක්‍රීඩකයන් වන මේ දක්ෂයන් ජාතික තලයේ වීරත්වයට පත් කිරීමට කැප වීමට හැකි වීම ගැන ජනශක්ති ආයතනය සතුටු වන බවයි.එසේම එමගින් දකුනු ආසියාතික උස පැනීමේ රන් පදක්කම්ලාභිණිය වූ ප්‍රියංගිකා මධුවන්ති සහ ජනශක්ති වෙළද සන්නාම තානාපති අජන්ත මෙණ්ඩිස්  එම සටහන මගින් සිහිපත් කර තිබුණා.  මේ සමග වන ඡායාරූපවලින් ගිම්හානි ජයතිලක,ඉෂාරා දයානන්ද,එස් තනූජා,පබසරා සේනානායක සහ මධුෂානි සිරිවර්ධණ යන ක්‍රීඩීකාවන් දැක්වෙනවා.
සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සබරගමුව සූදානමින් (2011.06.29)
මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී සබරගමුව පළාත ප්‍රථම ස්ථානයට ගෙන ඒම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සදහන් කරයි.


ඔහු එසේ සඳහන් කළේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා විෂය භාර ගුරු මහත්ම මහත්මීන් අමතමිනි.


අධ්‍යාපන ලේකම් එච්.පී. කුලරත්න , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්. අබේසිංහ , සෞඛ්‍ය හා ශාරීරික අභ්‍යාස අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් ප්‍රධාන අමාත්‍යතුමාගේ ක්‍රීඩා විෂය සම්බන්ධීකරණ ලේකම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමන් පතිරණ සහ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 117 ක් වන ශාරීරික අභ්‍යාස හා ක්‍රීඩා විෂය භාර ගුරු මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවති මෙම රැස්වීම අමතමින් මහ ඇමතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ එකම ඔලිම්පික් පදක්කම් ලාභිනිය වන සුසන්තිකා ජයසිංහ කෑගල්ල අධ්‍යාපන කලාපයෙන් බිහිව එම කීර්තිය රටට ගෙනදුන් බවය.


එමග යමින් සබරගමුව පළාතේ විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් පළාතේ පාසල් හරහා බිහිවෙමින් සිටින බව කී ඔහු වසර කීපයකට පෙර පසුබෑමකට ලක්ව තිබූ සබරගමුවේ පාසල් ක්‍රීඩා කුසලතා මෑතක පටන් ඉතා සීඝ්‍රයෙන් පෙරට පැමිණ ඇතැයිද කීය.


පසුගිය සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී සබරගමුව පළාත තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙවර අපේ ඉලක්කය පළමු ස්ථානයයි. ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් නොඅඩුව පාසල් ක්‍රීඩකයින්ට ලබා දීමට පියවර ගෙන ඇතැයිද මහ ඇමතිවරයා කීය.


2018 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය ඉලක්ක කර ගනිමින් දිවයිනේ සෑම පළාතකටම එක බැගින් දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීමට හෝ සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ යටතේ සබරගමුව පළාතට හිමි ක්‍රීඩා සංකීර්ණය කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට රජය තීරණය කර ඇතැයිද මහ ඇමතිවරයා කීය.


----------------------------------------------------------------------------------------------------


සබරගමුවෙන් තවත් සුසන්තිකාලා තිදෙනෙක් මතුවන ලකුණු. - මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලිකා ශූරතාවය,අති දක්ෂ ක්‍රීඩිකාව සහ ජනප්‍රියම ක්‍රීඩා තරුව සබරගමුවෙන්. (2010.10.04)

2010 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ඉදිරිපත්ව කාන්තා අති ශූර සම්මානය, බාලිකා ශූරතාවය, දිවයිනේ ජනප්‍රිය පාසල් ක්‍රීඩා තරුව සහ සමස්ථ තරඟාවලියේ තෙවන ස්ථාන යන විජයග්‍රහණ සබරගමුවට හිමි වීම පළාතට මහත් අභිමානයකැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කරයි.


සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල 2010 ඊයේ (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.


මෙහිදී සමස්ථ බාලිකා ශූරතාවය ලකුණු 133 ක් ලැබූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි විය. වයස අවුරුදු 19 න් පහල මීටර 200 ඉසව්ව ජයගත් සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ජීවන්ති පබසරා සේනානායක ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.


රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එල්.ඩී.එන් ගිම්හානි ජයතිලක 19 න් පහල කඩුළු මතින් දිනීමේ බාලිකා තරඟය විනාඩි 01 .03.22 කින් නිමා කර එම පාසලේම එම් එන් කලුපහන විනාඩි 01.03.40 කින් නිමා කර තබා තිබූ වාර්ථතාව බිඳ හෙලීය.


මෙවර පළමු වරට තෝරා ගනු ලැබූ ජනප්‍රිය ක්‍රීඩා තරුව වීමේ භාග්‍ය හිමි වූයේද රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ පී.ඒ ඉෂාරා සන්දීපනී ය.


මෙම සමස්ථ තරඟාවලියේ දිවයිනේ පළාත් නවය අතුරින් ලකුණු 289 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.


සබරගමුව මහ ඇමති මහීප‍ාල හේරත් මහතා සඳහන් කළේ වසර 05 කට පෙර තමා සබරගමුව ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වන විට අන් සෑම ක්ෂේත්‍රයකදී මෙන්ම ක්‍රීඩාවට අදාලවද සබරගමුව පළාත දැඩි පසුබෑමකට ලක්ව තිබූ බවය. එදා අප දිවයිනේ පළා‍ත් අතුරින් ක්‍රිඩාවට අදාලව 7 වන හෝ අටවන ස්ථානයේ පසු වුනෙමු.


මා වසර 05 කට පෙර ක්‍රිඩා අමාත්‍ය ධූරය ප්‍රධාන අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් අතතුරුව පළාතේ ක්‍රිඩා උන්නතිය සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සය දීර්ඝ කාලීන වශයෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් හඳුන්වා දුනිමි. පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මෙන්ම ක්‍රීඩාව සඳහා අවශ්‍ය යහපත් වටාපිටාවක්ද නිර්මාණය කළෙමි. දැන් මේ අපේ සබරගමුවේ දරු දැරියන් එම වෑයමේ ආසන්නතම අස්වනු නෙලමින් සිටී.


ඔලිමිපික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ අපේ සබරගමුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවයි. ඈ ක්‍රීඩාපිටියෙන් සමු ගැනීමෙන් පසු ඇතිවුණු හිඩස පිරවීම සඳහා සබරගමුවේ ජීවන්ති පබසරා, ඉෂාරා සන්දීපනී , ගිම්හානි ජයතිලක වැනි තවත් ක්‍රීඩා තරු රැසක් මතුවීම සබරගමුවට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවටම ආශිර්වාදයකැයිද මහ ඇමතිවරයා වැඩි දුරටත් කීය.


-------------------------------------------------------------------------------------------------------------


37 ජාතික මහා ක්‍රීඩා උලෙළින්...2011



මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේ නව තරග වාර්තාවක් බිහිකළ සබරගමුව පළාතේ නයෝමිකා ගිම්හානි (321)
මලල ක්‍රීඩා තරගවලදී මීටර් 1500 පිරිමි තරගයෙන් ඌව පළාතේ චමින්ද විජේකෝන් විනාඩි 3:44.16 කින් ද, උස පැනීමේ පිරිමි තරගයේදී දකුණු පළාතේ මංජුල කුමාර මීටර් 2.20 කින් ද, හෙල්ල විසි කිරීමේ පිරිමි තරගයේදී බස්නාහිර පළාතේ එස්. මධුරංග මීටර් 73.47 කින් ද, මීටර් 100 ය 4 සහාය දිවීමේ පිරිමි තරගයේදී බස්නාහිර කණ්ඩායම තත්පර 40.4 කින්ද, මීටර් 1500 කාන්තා තරගයේදී වයඹ පළාතේ ශානිකා සමන්මලී විනාඩි 4:25.06 කින්ද, මීටර් 400 කඩුලු කාන්තා තරගයේදී සබරගමුව පළාතේ නයෝමිකා ගිම්හානි විනාඩි 1:01.45 කින් ද, හෙල්ල විසි කිරීමේ කාන්තා තරගයේදී දකුණු පළාතේ නදීකා ලක්මාලි මීටර් 57.11 කින් ද, මීටර් 400 ය 4 සහාය දිවීමේ තරගයේදී වයඹ පළාත් කණ්ඩායම විනාඩි 3:45.21 කින් ද, නව තරග වාර්තා බිහි කළ අතර කාන්තා රිටි පැනීමේ තරගයේදී බස්නාහිර පළාතේ කෞෂලි ලක්රාණි පෙරේරා මීටර් 3.20 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාව සම කිරීමට සමත් වූවාය.


සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා 2010
ගම නගරය අභිබවයි


සුසිල් ප්‍රේමලාල්



අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2010 සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා ව්‍යාපෘතිය යටතේ ගතවූ සතියේ සිව් දිනක්‌ මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වූ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගවලිය ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ මෑත යුගයේ අවම දස්‌කම් ප්‍රදර්ශනය වූ තරගාවලියක්‌ ලෙස හැඳින්විය හැක.

අදාළ දිනවල පැවැති වර්ෂාවද එයට එක්‌තරා විදියකට බාධාවක්‌ වූ හෙයින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක එල්ලේම චෝදනා කිරීමට නොහැකි වන නමුදු පසුගිය වසර කිහිපය තුළ වසරින් වසර වාර්තාවූ, නව තරග වාර්තා බිඳ වැටීම අනුව පාසල් ක්‍රීඩා ඉතිහාසයේ අවම තරග වාර්තා බිඳ වැටීම මෙය ලෙස හැඳින්විය හැක. මෙවර බිහිවූ තරග වාර්තා සංඛ්‍යාව 7 කි. ඉකුත් වසරේ (2009) බිහිවූ වාර්තා සංඛ්‍යාව අනුව (14) මෙවර වාර්තා සංඛ්‍යාව හරි අඩකින් අඩුවී තිබීම අවධානයට යොමුකළ යුතු කරුණකි.

මේ අතර මෙවර තරගාවලියේදී ශූරතා රැසක්‌ම අගනුවරින් බැහැරව පිට පළාත් පාසල්වලට හිමිවීමද එක්‌තරා අන්දමකින් ග්‍රාමීය ක්‍රීඩාව පිබිදීමක්‌ ලෙස හැඳින්විය හැක. ඒ හැර ක්‍රීඩාව සඳහා වෙන්ව ඇති සහ විශේෂ පහසුකම් ඇති ක්‍රීඩා පාසල් අභිබවා මීගමුව මාරිස්‌ටේලා විදුහල සහ කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහල් බාලක බාලීකා ශූරතා (මලල ක්‍රීඩා) දිනා ගැනීමද කැපී පෙනුණි. තරගාවලියේදී බිහි කෙරුණු නව තරග වාර්තා 7 ද සම සමව අගනුවරට සහ පිට පළාත්වලට බෙදී ගොස්‌ තිබිණි.

මෙවර ක්‍රීඩා උළෙලේදී වෙනත් වසර වල මෙන් කිසිදු සංදර්ශනයක්‌ නොපැවැති අතර එය සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා ව්‍යාපෘතියේ එක්‌තරා අඩුවක්‌ ලෙසද හැඳින්විය හැක. ලෝකයේ ඕනෑම රටක ජාත්‍යන්තර හෝ ජාතික මට්‌ටමේ තරගාවලියක්‌ ආරම්භ කරනු ලබන්නේ (සමාරම්භක සහ සමාප්ති) විවිධ සංදර්ශනවලින් සමන්විත වීම අධ්‍යාපන බලධාරීන්ට අමතක වීම කණගාටුවට කරුණකි.



විශේෂ දක්‍ෂතා

15 න් පහළ බාලක ශූරතාව

1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප්වාස්‌ ම.ම.වි. ලකුණු 29, 2. මධ්‍යම පළාතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 22, 2. බස්‌නාහිර පළාතේ කොළඹ 10 ශා.ජෝෂප් වි. ලකුණු 22.

15 න් පහළ බාලිකා ශූරතාව

1. බස්‌නාහිර පළාතේ බම්බලපිටිය ශු. පවුලේ කන්‍යාරාමය ලකුණු 28, 2. බස්‌නාහිර පළාතේ කැලණිය ගුරුකුල ජාතික පාසල ලකුණු 20.

17 න් පහළ බාලක ශූරතාව

1. බස්‌නාහිර පළාතේ හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය ලකුණු 44, 2. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 28.

17 න් පහළ බාලක ශූරතාව

1. මධ්‍යම පළාතේ වලල ඒ. එත්නායක ම.ම.වි. ලකුණු 64, 2. උතුරු මැද පළාතේ අනුරාධපුර ම.ම.වි. ලකුණු 47.

19 න් පහළ බාලක ශූරතාව

1. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 75, 2. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙල්ලා විද්‍යාලය ලකුණු 69.

19 න් පහළ බාලිකා ශූරතාව

1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 92, 2. මධ්‍යම පළාතේ වලල ඒ. එත්නායක ම.ම.වි. ලකුණු 31.

21 න් පහළ බාලක ශූරතාව

1. මධ්‍යම පළාතේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය - ලකුණු 39, 2. සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය ලකුන් 37.

21 න් පහළ බාලිකා ශූරතාව

1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බ.ම.වි. ලකුණු 73, 2. මධ්‍යම පළාතේ වලල ඒ රත්නායක ම.ම.වි. ලකුණු 63.

පැනීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා

බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලයේ ආර්. කේ. ඩී. සුමාල් රණසිංහ (දුර පැනීම මීටර් 7.15)

විසිකිරීමේ ඉසව් දක්‍ෂතම ක්‍රීඩකයා

බස්‌නාහිර පළාතේ කොටහේන බෙනඩික්‌ට්‌ විද්‍යාලයේ අශාන් සුගුන කුමාර් (යගුලිය දැමීම මීටර් 15.43) (නව තරග වාර්තාවකි)

කඩුළු පැනීමේ දක්‍ෂතම ක්‍රීඩකයා

මධ්‍යම පළාතේ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ කේ. ඩී. එස්‌. වී. රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14.25 නව තරග වාර්තාවකි.)

ධාවන තරග දක්‍ෂතම ක්‍රීඩිකාව

(කඩුළු පැනීම හැර) සබරගමුව පළාතේ කෑගල්ල ශා. ජෝශප් බා. මහා විද්‍යාලයේ පබසරා සේනානායක (මී. 200 තත්. 25.12)
සහාය දිවීමේ බාලක ශූරතාව

1. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌සටෙල්ලා වි. ලකුණු 48, 2. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස්‌ ම.ම.වි. ලකුණු 32.

සහාය දිවීමේ බාලිකා ශූරතාව

1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 29, 2. සබරගමු පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 24.

දක්‍ෂතම වොලිබෝල් ක්‍රීඩකයා

බස්‌නාහිර පළාතේ සීදුව ද්විසමර විද්‍යාලයේ ඩබ්. ඩී. මදුෂ වික්‍රමසිංහ

දක්‍ෂතම වොලිබෝල් ක්‍රීඩිකාව

වයඹ පළාතේ මාදම්පේ සේනානායක ම.ම.විද්‍යාලයේ චාන්දනී කුසුම් කුමාරි.

දක්‍ෂතම පාපන්දු ක්‍රීඩකයා

බස්‌නාහිර පළාතේ කොළඹ සහිරා විද්‍යාලයේ Aග RගAග Sය්zබහ.

දක්‍ෂතම දැල්පන්දු ක්‍රීඩිකාව

බස්‌නාහිර පළාතේ කළුතර ජාතික පාසලේ සචිනි වින්ද්‍යා සූරවීර.

බස්‌නාහිර පළාතේ දක්‍ෂතම ක්‍රීඩකයා

හේනේගම මධ්‍ය මහා විද්‍යාලයේ කේ. පී. හසිත් නිර්මාල් මීටර 110 කඩුලු තත්. 14.53

මධ්‍යම පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා

පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ කේ. ඩී. එස්‌. වී. රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14%25 නව තරග වාර්තාවකි)

සබරගමුව පළාත් දක්‍ෂතම ක්‍රීඩිකාව(

කෑගල්ල ශා. ජෝෂප් බා. මහා විද්‍යාලයේ එස්‌. ආර්.ෙ-. පබසරා සේනානායක මී. 200 තත්. 25.12


වයඹ පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා(

වෙන්නප්පුව ජෝෂප් වාස්‌ මධ්‍ය මහ විද්‍යාලයේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු දුර පැනීම මී. 7.13

දකුණු පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා(

මාතර ශාන්ත සර්වේසස්‌ විද්‍යාලයේ අ�ල ඉමන්ත නිලවීර මී. 110 කඩුලු තත්. 15.23

උතුරුමැද පළාත් දක්‍ෂතම ක්‍රීඩිකාව(

අනුරාධපුර ම.ම. විද්‍යාලයේ එම්. එච්. එම්. හේරත් මී. 100 තත්. 12.48

උතුර පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා(

එරික්‌ ප්‍රතාප් ශාන්ත පැට්‌රික්‌ මී.400 කඩුලූ තත්. 58.12

ඌව පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා(

වැලිමඩ ම.ම. විද්‍යාලයේ කේ. ඩී. රුක්‌මාල් ශිරේන් මී. 400 තත්. 51.50

නැගෙනහිර පළාත් දක්‍ෂතම ක්‍රීඩකයා(

කේ තර්ෂාන් කල්මුනේ වින්ශේෂ්වරන් විදුහල මී. 400 තත්. 51.62

ජනප්‍රියතම මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව(

ඉෂාරා සංදීපනී (සබරගමුව)

දක්‍ෂතම ක්‍රීඩකයා(

මධ්‍යම පළාතේ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ සුපුන් රන්දෙණිය (මීටර් 110 කඩුලු තත්. 14.25 නව තරග වාර්තාවකි.

දක්‍ෂතම ක්‍රීඩිකාව(

කෑගල්ල ශා. ජෝෂප් බා. මහා විද්‍යාලයේ පබසරා සේනානායක මී. 200 තත්. 25.12

මලල ක්‍රීඩා බාලක ශූරතාව

1. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලය ලකුණු 113, 2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 103.

මලල ක්‍රීඩා බාලිකා ශූරතාව(

1. සබරගමු පළාතේ රත්නපුර සුමනා බා.ම.වි. ලකුණු 133, 2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක ම.ම.වි. ලකුණු 109.

මලල ක්‍රීඩා සමස්‌ත ශූරතාව

1. බස්‌නාහිර පළාත ලකුණු 978, 2. මධ්‍යම පළාත ලකුණු 368, 3. සබරගමුව පළාත ලකුණු 289.

ඡායාරූප නිහාල් චන්ද්‍රකුමාර, නිමල් දයාරත්න

කාන්තා පාසල් ක්‍රිකට් සූරතාව රත්නපුර සුමන බාලිකා විදුහලට 2010

අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රථම වතාවට මෙහෙය වූ දීප ව්‍යාප්ත බාලිකා පාසල් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ සූරතාව රත්නපුර සුමන බාලිකා විදුහල දිනා ගත්තේය. එහි අනුසූරතාව ඇකිරිවල මහ ආරගම කනිෂ්ඨ විදුහල දිනාගත් අතර තුන්වන ස්ථානය පඬුවස්නුවර ජාතික පාසල දිනා ගත්තේය.
මධ්‍යම පළාතේ සුරතාව දිනූ මහනුවර මහමායා බාලිකා විදුහල පඬුවස්නුවර ජාතික පාසල හමුවේ පරාජය විය. අවසන් තරගය වාද්දුව මැදි විදුහලේ දී පැවැත්විණි.

 2010 XX වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල

සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2010 සමස්ථ ශූරතාවය රත්නපුරය ට. අනුශූරතාවය කෑගල්ල ට. දක්ෂතම ක්‍රීඩිකාව ඉෂාරා සන්දීපනී. දක්ෂතම ක්‍රීඩකයා යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර .
සබරගමුව පළා‍ෙත් අධ්‍යාපන කලාප හත නියෝජනය කරමින් ක්‍රීඩා වාර 256 ක් ඉසව් 135 ක් හා කණ්ඩායම් ක්‍රීඩා 55 ක් මේ දින හතර පුරා පැවති අතර ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ සමස්ථ ක්‍රීඩා ශූරතාවය ලකුණු 635 දින‍ාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි වූ අතර අනුශූරතාවය ලකුණු 609 ක් ලැබූ කෑගල්ල අධ්‍යාපන කලාපයට ද තෙවන ස්ථානය ලකුණු 221 ½ ලැබූ මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි විය. 


මෙහිදී තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව වූයේ මීටර 100 තත්පර 12.1 කින් අවසන් කළ රත්නපුර ‍ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ජී.ඒ. ඉෂාරා සන්දීපනී දයානන්දයි. තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා වූයේ මීටර 400 තත්පර 50.8න් අවසන් කළ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර යි.


බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේ පසුගිය වසරේ පැවති සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී දිවයිනේ පළාත් නවය අතුරින් තෙවන ස්ථානය හිමිකර ගත් සබරගමුව පළාත මේ වසරේ පැවැත්වීමට නියමිත එම තරඟාවලියේ දී බස්නාහිර පළාතට අභියෝගයක් වනවාට සැක නැති බවය.

සබරගමුව නෙට්බෝල් සූරතා පින්නවල ජාතික පාසලට -2010

සබරගමුව පළාත් 15න් පහළ, 17න් පහළ, 19න් පහළ නෙට්බෝල් සූරතා තුනම දිනා ගැනීමට කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල ජාතික පාසල සමත්ව තිබේ. රත්නපුර මද්දූව ක්‍රීඩාංගණයේ ඉකුත් 19 දා පැවැති මෙම තරගාවලියේ මෑත ඉතිහාසයේ සූරතා තුනම එකම පාසලකට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
සබරගමු පළාතේ ජනප්‍රිය පාසල් කීපයක කණ්ඩායම් මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටි අතර ඒ සියල්ල අභිබවා ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසල සමත් විය.
රත්නපුර පර්ගියුෂන් බාලිකා, රත්නපුර ඇග්නස් බාලිකා, තෝලංගමුව ක්‍රීඩා පාසල, කෑගලු බාලිකා, කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා, බලංගොඩ ආනන්ද මෛත්‍රී, ඇහැලියගොඩ ධර්මපාල ආදී පාසල් කණ්ඩායම් අභිබවා සූරතා තුනම ජයග්‍රහණය කිරීමට පින්නවල ජාතික පාසලේ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

15 පහළ නෙට්බෝල් කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට :- කේ. ඩී. එල්. නානායක්කාර, සී. විජේන්ද්‍ර මිය (ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය විදුහල්පති) ඩබ්ලිව්. ආර්. එම්. යූ. පී. බී රත්නායක මයා ( නියෝජ්‍ය විදුහල්පති) පී. ඒ. ගාමිණී ජයතිස්ස මයා (විදුහල්පති), ආර්. එම්. මංගලිකා රත්නායක මිය (පාසල් ක්‍රීඩා උපදේශිකා),
පසුපෙළ වමේ සිට :- එච්. ඒ. යූ. ඊ. විමලරත්න, කේ. ආර්. එච්, කේ. සෙව්වන්දි, පී. එච්.එම්. කේ. සේනාරත්න, අයි. එච්. කේ. ඉලංගරත්න, කේ. එල්. මධුමාලී, එල්. ආර්. යූ. ඊ. ගුණරත්න, අයි. ටී. එන්. පේ‍්‍රමරත්න, එස්. එම්. ආර්. එච්. සමරකෝන් (උපනායිකා) එම්. ඩී. එන්. එස්. විමලසිරි.

17න් පහළ කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට :- එම්. පී. එන්. ඩී. එස්. දර්ශනමාලා, සී. විජේන්ද්‍රා මිය (ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය විදුහල්පතිනි), ඩබ්ලිව්. ආර්. එම්. යූ. පී. බී. රත්නායක ( නියෝජ්‍ය විදුහල්පති), පී. ඒ. ගාමිණී ජයතිස්ස මයා (විදුහල්පති), ආර්. එම්. මංගලිකා රත්නායක මිය ( පාසල් ක්‍රීඩා උපදේශිකා), යූ. එච්. සී. ජේ. දයාරත්න. මැද පෙළ වමේ සිට :- ඒ. එම්. උපේඛා හිල්මි අත්තනායක (කණ්ඩායම් නායිකා) , කේ. ඒ. විස්මි උමේදා කරුණානායක, ඒ. එම්. කේ. ටී. අතපත්තු, ජේ. ඒ. ආර්. සී. ජයසිංහ, බී. පී. එස්. එස්. ජයවික්‍රම, ඩබ්ලිව්. සී. චාරිකා ගයනි ගුණසේකර (උප නායිකා), පසුපෙළ වමේ සිට :- ජේ. ඒ. ලක්ෂ්මි, ඩී. කුමාරි, එල්. ආර්. පවිත්‍රා එම්. හේරත්, එච්. බී. වී. එම්. එච්. අමරසිංහ, ඩබ්ලිව්. එම්. වයි. එල්. පී. කුමාරි


සටන්කාමිත්වය, තරුණ ජවය උත්කර්ෂවත් බව රැඳි
තුරුණු ක්‍රීඩා උළෙල...2010



අතිශයින් උත්කර්ෂවත් තවත් එක්‌ ක්‍රීඩා උළෙලක්‌ දැක බලා ගන්නට පසුගිය සතියේ අපට ඉඩකඩ ලැබී තිබිණි. ඒ පසුගිය 11 වැනිදා සිට 14 වැනිදා දක්‌වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැති 22 වැනි ජාතික යොවුන් ක්‍රීඩා මහෝත්සවයේදී ය.

යෞවන කටයුතු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම, නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක හා නාමල් රාජපක්‍ෂ යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා ආරම්භ ව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් 14 වැනිදා සවස පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අවසන් වූ මෙම ක්‍රීඩා උත්සවයට දිවයිනේ හතරදිග් භාගයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2000 කට අධික පිරිසක්‌ සහභාගිව සිටියහ.

වෙනත් ජාතික ක්‍රීඩා උළෙලකදී දක්‌නට ලැබෙන විශේෂත්වය වන්නේ නගරබද ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැඩි සහභාගිත්වය සහ උද්යෝගයයි. එහෙත් යෞවන ක්‍රීඩා උළෙලේ පවතින විශේෂත්වය වනුයේ නගරබදට වඩා ගම්බද ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය හා දක්‍ෂතාවය ඉස්‌මතු වීමය. ඈත යාපනයෙන්, අම්පාරෙන්, ත්‍රිකුණාමලයෙන්, මඩකලපුවෙන්, අනුරාධපුරයෙන්, පොලොන්නරුවෙන්, මොනරාගලින්, හම්බන්තොටින් ආ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය දක්‍ෂතා ජයතිලක ක්‍රීඩා පිටිය ඔස්‌සේ දෝරෙ ගලා යන්නට ඉඩහැර ක්‍රීඩාවන්හි නියෑලීම මෙහි ඇති විශේෂත්වයයි.

සැබැවින්ම ක්‍රීඩාවට අතිශයින් උචිත සෞම්‍ය දේශගුණයක්‌ සහිත නාවලපිටිය ප්‍රදේශයේ මේ ජයතිලක ක්‍රීඩාංගනය ඔවුනගේ දක්‍ෂතාවන්ට මහඟු ආශිර්වාදයක්‌ වැනි ය.

මේ ආශිර්වාදයේ හා ඔවුන්ගේ දක්‍ෂතා වල මහිමයෙන් කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල හා මහනුවර වැනි දිස්‌ත්‍රික්‌ක අභිබවා යමින් සමස්‌ත උළෙලේ ශූරතාව දිනා ගන්නට ලකුණු 115 ක්‌ ලබා ගත් රත්නපුර දිස්‌ත්‍රික්‌කය සමත් වීම කැපී පෙනිනි. අනුශූරතාව දිනාගත් ගාල්ල දිස්‌ත්‍රික්‌කයට ලබාගත හැකි වූයේ රත්නපුරය ලබාගත් ලකුණුවලින් අඩකටත් වඩා අඩු ලකුණු ගණනක්‌ වූ ලකුණු 55 කි. අනුරාධපුරය ලකුණු 54 ක්‌ ලබා තෙවැනි ස්‌ථානය ලබා ගෙන තිබිණි.

දින හතරක්‌ පුරා පැවැති 22 වැනි යොවුන් ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරනු ලැබීය. එය 20 න් පහළ හා ඉහළ ලෙස හතර දෙනකු තෝරන්නට සංවිධායකයෝ තීරණය කර තිබිණි. ඒ අනුව වසර 20 න් පහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස අම්පාර දිස්‌ත්‍රික්‌කයේ එම්. අයි. එම්. මිෂ්රාන් සම්මාන දිනූ අතර, එම වයස්‌ කාණ්‌ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාව වූයේ රත්නපුරයේ ඉෂාරා සංදීපනී ය.

21 න් ඉහළ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ලේ සංජීව සම්පත් හා මධුවන්ති සම්මාන ලැබූහ.

මේ කොයි කවුරු දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෙස සම්මාන ලැබුවත් මේ උළෙලේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ අනෙකකි. ඔහු යාපනයෙන් පැමිණි වඩිවේශ්වරන් හරිහරන් ය. වයස අවුරුදු 20 න් පහළ කවපෙත්ත විසිකිරීමේ තරගයෙන් ඔහු නව තරග වාර්තාවක්‌ තබමින් පළමු ස්‌ථානය දිනා ගත්තේය. අවුරුදු තිස්‌ ගණනකට පසු යාපනයෙන් දකුණට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හරිහරන් නව තරග වාර්තාවක්‌ තබා උතුරට සම්මානයක්‌ රැගෙන යැමම මෙම උළෙලේ විශේෂත්වයකි.

එපමණක්‌ නොව, උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා (20 න් පහළ) වූ මිෆ්රාන් ද නැගෙනහිරින් පැමිණි මුස්‌ලිම් ක්‍රීඩකයකු වීම විශේෂත්වයක්‌ විය. යාපනයෙන් මඩකලපුවෙන්, වව්නියාවෙන්, කිලිනොච්චියෙන්, මුලතිව්වලින් හා ත්‍රිකුණාමලයෙන් මෙවර වෙනදාට වඩා විශාල පිරිසක්‌ තරුණ තරුණියෝ පැමිණ සිටියහ. තරගකාරී ලෙස අනෙක්‌ පළාත්වල තරණ තරුණියන් සමඟ දක්‍ෂතා සඳහා තරග කළහ. උළෙලේ කොයි කවුරුත් ඔහුන් දෙස බලා සිටියේ කිසිදු බියකින්, සැකයකින්, චකිතයකින් තොරව දකුණට ආ මේ පිරිස කුමනාකාරයේ දක්‍ෂතා දක්‌වාවිදෝ කියා ය. මේ වන විට ඔවුන්ගේ දක්‍ෂතා මීටත් වඩා ඉහළ මට්‌ටමක පැවතිය යුතුව තිබිය යුතු බව මගේ හැඟීමයි.

මෙම උළෙලේ වඩාත් තරගකාරීත්වයක්‌ දක්‌නට ලැබුණේ කණ්‌ඩායම් තරග අංශයේදීය. මා දුටු වඩාත්ම වේගවත් වඩාත්ම උණුසුම්, වඩාත්ම තරගකාරී තරග ඉසව්ව වූයේ කබඩි පිරිමි තරගාවලියේ අවසන් තරගයයි. රත්නපුර දිස්‌ත්‍රික්‌කය හා කොළඹ දිස්‌ත්‍රික්‌කය අතර එම අවසන් තරගය පැවැත්විණි. එය තරගකාරීත්වය, වේගය, කුතුහලය හා උණුසුම මෙන්ම තරුණ ජවය මැනවින් කැපී පෙණුනු තරගයකි. තියුණු තරගයකින් පසු කොළඹ රත්නපුරය පරදා තරගයේ ජය හිමිකර ගත්තත් තරගකාරීත්වයෙන් රත්නපුරය ද කොළඹට දෙවැනි වූයේ නැත.

සැබැවින්ම එය බොහෝ දෙනෙකු ආස්‌වාදයෙන් හා කුතුහලයෙන් යුතුව නැරඹූ තරගයක්‌ ම වූහ.

ඒ හැරුණු විට කබඩි කාන්තා අවසන් තරගය ද අත්පන්දු හා පාපන්දු අවසන් තරග ද තරුණ තරුණියෝ මහත් උණුසුමින් ප්‍රතිචාර දැක්‌වූ තරග අංගයෝ වූහ.

වෙන කවර තරගාවලියකවත් නුදුටු නොඇසූ දෙයක්‌ මෙවර 22 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සිදුව තිබිණි. එය වූ කලී යෞවන කටයුතු අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුමගේ අදහසකට අනුව මෙවර උළෙලේ කැපී පෙනෙන විශේෂ දක්‍ෂතා දක්‌වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනර්ඝ මට්‌ටමේ ත්‍යාග පිරිනැමීමට සංවිධායක තරුණ සේවා සභාව තීන්දු කොට තිබීමයි. උළෙලේදී නව ජාතික වාර්තාවක්‌ තබන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට මරුටි වර්ගයේ මෝටර් රථයක්‌ පිරිනමන්නට යොවුන් ක්‍රීඩා උළෙලක්‌ ඉදිරිපත් වුයේ ඒ අනුව ලංකාවේ පළමු වතාවට ය. එහෙත් ඒ ත්‍යාගය මෙවර දිනා ගැනීමට කිසිවෙකු සමත් නොවීම කනගාටුවට කාරණයකි.

එපමණක්‌ නොව, යෞවන ක්‍රීඩා උළෙලේ වාර්තා ඉක්‌මවන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම රු. 10,000 බැගින් පිරිනමන්නටත් 20 න් පහළ හා ඉහළ දක්‍ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වන සිවු දෙනාට මෝටර් සයිකලය බැගින් පිරිනමන්නටත් තීරණය කර තිබිණි. මේ මෝටර් සයිකල් පරිත්‍යාගය ද සිදු වුයේ ඉතිහාසයේ පළමු වතාවටය. ජයග්‍රාහී දිස්‌ත්‍රික්‌කයට රු 150,000 කුත් අනු ශූරතාවට රු 100000 කුත් පිරිනැමිණි. මේ අකාරයේ සියලු වාහන හා මුදල් ත්‍යාග දෙන්නට සූදානම් කළේ තරුණ තරුණියන් තව තවත් යෞවන ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළට ඈ¹ ගැනීමට බව අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා අප හා ප්‍රකාශ කළේය.

ඒ අතරතුර නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද අප හා කතා බහ කරමින් මෙසේ කීවේය.

"හරිනම් 22 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල තියන්න ජනාධිපතිතුමා තීරණය කරල තිබුණේ යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ. අපි ගිහින් විමසලා බැලුවා එහි තත්ත්වය. නමුත් දොරේඅප්පා ක්‍රීඩාංගණය මේ දිනවල අලුත්වැඩියා කටයුතු කෙරෙනවා. මෙවන් ක්‍රීඩා උළෙලක්‌ තියන්න උතුරේ වෙන තැනක්‌ නැති තැන තමයි ක්‍රීඩා උළෙල දකුණට ගෙන ආවේ. ඒ අතරේ තමයි මම අපේ ඇමැතිතුමාගෙන් නාවලපිටියට ඉල්ලා සිටියේ. මොකද නාවලපිටියත් සිංහල, දෙමළ, මුස්‌ලිම් හොඳ ජන සහභාගිත්වයක්‌ තිබෙන, ක්‍රීඩාවට හිතකර දේශගුණයක්‌ තිබෙන පළාතක්‌. ඒ අනුව මාස කිහිපයක්‌ ඇතුළත ක්‍රීඩාංගණය නවීකරණය වුණා. මෙහිදී නගර සභාව ලොකු කාර්යභාරයක්‌ කළා."

ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල තිබිණි. ක්‍රීඩාපිටිය. එහි ධාවන පථ, ධාවන පථවල තත්ත්වය, පිටියේ තණකොළ හා එහි තිල්ල ආදී ක්‍රීඩාපිටිය ඇතුළත තිබිය යුතු ලක්‍ෂණ හා පහසුකම් ජාතික තත්ත්වයෙන් තිබිණි. ඒ නිසාම අලංකාරය ද නොඅඩුව තිබිණි. පිටියෙන් පිට ක්‍රීඩාගාර සහ යටිතල පහසුකම් සම්පූර්ණ විනි නම් නිසැකයෙන්ම නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ජාතික ක්‍රීඩාංගණයකි.

ක්‍රීඩා උළෙලට පැමිණි 2000 කට අධික තරුණ තරුණියෝ නවාතැන් ගත්තේ අවට පාසල්වලය. ඒවායෙහි තම යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සඳහා හැකි උපරිමයෙන් සංවිධායකයෝ පියවර ගෙන තිබිණැයි තරුණ තරුණියෝ අපට කීහ.

ජව සම්පන්න තාරුණ්‍යය පිළිබඳ අලුත් කතාවක්‌ කියමින් අභිමානවත් ආචාර පෙළපාලියකින් ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල ඇරඹුණේ 14 වැනි ඉරිදා පස්‌වරුවේ ය. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න එහි ප්‍රධාන අමුත්තා විය. පිළිගැනීමේ කතාව කරමින් ඇමැති මහින්දානන්ද උඩරට දේශපාලනය ගැන අපි නොදන්නා බොහෝ කතා ද කීවේය. උඩරටට අගමැති කිරුළ රැගෙන ආ දි. මු. ජයරත්නයන් උඩරටදී අගමැති ලෙස සහභාගි වූ ප්‍රථම ජාතික උළෙල මෙය බව ඔහු අනාවරණය කළේය.

අගමැතිතුමන් අතින් ප්‍රධාන ජය සංකේත හා ත්‍යාග ප්‍රදානෝත්සවය සිදු කෙරිණි. වයස අවුරුදු 20 න් පහළ නව තරග වාර්තා 10 ක්‌ තබා තිබුණෙන් ඩලස්‌ ඇමැතිතුමන් අතින් රු. 10,000 බැගින් රු. ලක්‍ෂයක්‌ ප්‍රදානය කෙරුණි. 20 න් ඉහළ නව තරග වාර්තා 5 කි. ඒ වෙනුවෙන් 50,000 ක්‌ ප්‍රදානය කෙරුණි.

දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිවුදෙනා අලුත්ම අලුත් යතුරු පැදියක්‌ ගෙදර ගෙන යැමම අලුත් දෙයකි. වටිනා දෙයකි. එය බලා සිටි ඇතැම් තරුණ තරුණියන් කීවේ ලබන වසරේ මීටත් වඩා උනන්දුවකින් ක්‍රීඩා තරග සඳහා තරග වදින බවකි.

උත්සවයේ සියලු වැඩ කටයුතු අවසන් වූයේ ජාතික තරුණ සේවා සභාව ඉදිරිපත් කරන සංස්‌කෘතික නර්තනාංග වල එකතුවකිනි. වෙනදාට අපි දකින අලංකාරය හා විචිත්‍රත්වය හා සුන්දරත්වය එහි නොතිබුණත් රැස්‌ව සිටි නාවලපිටිය ප්‍රදේශයේ අති විශාල ජනකාය නම් ඉන් නොමඳ ප්‍රහර්ෂයකට පත්ව සිටි බව පෙනෙන්නට තිබිණි.
2009 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 

සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා උළෙලේ දී නව තරග වාර්තා 4ක්




2009 සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව කෑගල්ල අධ්‍යාපන කලාපයටත් අනුසූරතාව රත්නපුර අධ්‍යාපන කලාපයටත් හිමිවූහ.
කණිෂ්ඨ අංශයේ සමස්ථ සූරතාව ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට සහ එහි අනුසූරතාව මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමිවූහ.
නව පළාත් වාර්තා 4 ක් තබමින් 19 වැනි සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා තරගාවලිය කෑගල්ල නාගරික කී‍්‍රඩාංගනයේදී පසුගියදා අවසන් විය.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එක්ව වසරක් පාසා සංවිධානය කරන සබරගමුව පළාත් පාසල් කී‍්‍රඩා උළෙලේ දී නව තරග වාර්තා 4 ක් තැබීමට අමතරව එක් වාර්තාවක් සම කිරීමට ඊට සහභාගී වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්්වූහ.
සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප 7 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000 ක් පමණ මේ තරගාවලියේදී ඉසව් 390 ක් සඳහා තරග වැදිණි.
මෙහිදී ලකුණු 765 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපයට ජ්‍යෙෂ්ඨ තරගාවලියේ සමස්ථ සූරතාව හිමි වූ අතර අනුසූරතාව ලකුණු 645 ක් ලබාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි විය.
ජ්‍යෙෂ්ඨ තරගාවලියේ තුන්වැනි ස්ථානය මාවනැල්ල අධ්‍යාපන කලාපය ලකුණු 107.5 යි. හතරවැනි ස්ථානය ඇඹිලිපිටිය ලකුණු 85 යි. පස්වැනි ස්ථානය දෙහිඕවිට ලකුණු 67.5 යි. හයවැනි ස්ථානය බලංගොඩ ලකුණු 65 යි. හත්වැනි ස්ථානය නිවිතිගල ලකුණු 30 යි. මේ තරගාවලියේ කණිෂ්ඨ මලල කී‍්‍රඩා සමස්ථ කලාප සූරතාව දිනා ගැනීමට ලකුණු 30.5 ක් ලබාගත් ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය සමත් විය. දෙවැනි ස්ථානය ලකුණු 27.5 ක් ලබාගත් මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි වූ අතර ලකුණු 22.5 ක් ලබාගත් කෑගල්ල අධ්‍යාපන කලාපය තෙවැනි ස්ථානයට පත්විය.
ජ්‍යෙෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ බාලක පාසල් සූරතාව කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට හිමි වූ අතර එහි බාලිකා පාසල් සූරතාව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය දිනා ගන්නා ලදී.
ජය සංකේත හා තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සබරගමුව පළාත් මාර්ග සංවර්ධන සංචාරක සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහභාගී විය.
තරගාවලියේ දී බිහිවූ සබරගමු පළාත් කී‍්‍රඩා වාර්තා මෙසේය.
13 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ දී පී. කේ. සී. ඩී. පල්ලෙවත්ත තත්: 28.3
19 න් පහළ බාලිකා - මීටර 100 රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය ජී. ඒ. ඉෂාරා සන්දීපනී තත්: 12.2
21 න් පහළ බාලිකා - මීටර 200 කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ඩී. ඒ. එම්. එස්. ජයසිංහ තත්: 28.8
21 න් පහළ බාලකමීටර 400 කෑගලු විද්‍යාලය ආර්. ජී. ඩී. එම්. කරුණාරත්න තත්: 49.9


පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
8 දෙනකුට ජනශක්‌ති ශක්‌තිය·
2010 /12/24


ඡායාරූපයේ ඉදිරි පෙළ වමේ සිට - බී. පිංතු ජයවර්ධන(සාමාන්‍යාධිකාරී ජනශක්‌ති), ප්‍රකාශ් ෂාප්ටර්(කළමනාකාර අධ්‍යක්‍ෂ - ජනශක්‌ති), සී. ටී. ඒ. ෂාප්ටර්(නියෝජ්‍ය සභාපති ජනශක්‌ති), යෝගානන්ද විඡේසුන්දර(ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු), රවී ලියනගේ(සාමාන්‍යාධිකාරි - ජනශක්‌ති)

පසු පෙළ වමේ සිට - තුරෙයිලිංගම් බාලකුමාර්, නයෝමිකා ජයතිලක, චාමිකා ජයමිණි, ඉෂාරා දයානන්ද, ෂෙන්මුකරාසා තනූෂා, අමිලා විඡේසිංහ, ආර්. කේ. සී. මධුවන්ති, ටී. අනුෂා, හිරුණි දිසාලා වීරසේකර, මේධානි වික්‍රමනායක, නිමේෂා සිරිවර්ධන, පබසරා සේනානායක වෙති.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දස්‌කම් දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුට තවදුරටත් ලබන 2011 වසරේදීත් සිය අනුග්‍රහය දැක්‌වීමට ජනශක්‌ති ඉන්ෂුවරන්ස්‌ සමාගම තීරණය කොට තිබේ.

අදාළ සමාගම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදෙන අඛණ්‌ඩ තෙවැනි අවස්‌ථාව මෙය වෙයි.

මෙම අනුග්‍රාහකත්වය දැක්‌වීමේදී පිට පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර ඉදිරි 2011 වසරේදී මෙම අනුග්‍රාහකලාභීන් කිසියම් ජාත්‍යන්තර මට්‌ටමේ තරගාවලියක්‌ නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවහොත් එම විදෙස්‌ සංචාරය සඳහාද අනුග්‍රාහකත්වය පිරිනැමීමට ජනශක්‌ති සමාගම විධි විධාන යොදා තිබේ. මීට අමතරව අදාළ පිරිසට සිය ක්‍රීඩා කටයුතු වර්ධනය කර ගැනීම සඳහා පුහුණු වැඩසටහන් තාක්‍ෂණික උපදෙස්‌ සහ වෙනත් පහසුකම් සඳහාද දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇත.

රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ඉෂාරා දයානන්ද(කෙටි ධාවන හා කඩුලු පැන දිවීම),රත්නපුර සුමන බාලිකා විදුහලේ නයෝමිකා ජයතිලක(කෙටි ධාවන සහ මීටර 400 කඩුලු), මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලේ මේධානි වික්‍රමසිංහ(කෙටි ධාවන ඉසව්), යාපනයේ අරුණෝදය විදුහලේ එස්‌. තානූෂා(රිටි පැනීම, ගලෙන්බිඳුණු වැව මැදි මහ විදුහලේ නිමේෂා සිරිවර්ධන(උස පැනීම), රත්නපුර සුමනා බාලිකා විදුහලේ චාමිකා ජයමිණි(මැදි දුර ධාවනය), කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ පබසරා සේනානායක(කෙටි දුර ධාවනය) සහ පේදුරුතුඩුව හාර්ට්‌ලි විදුහලේ තුරෙලිංගම් බාලකුමාර්(රිටි පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2011 ජනශක්‌ති ක්‍රීඩා අනුග්‍රහයට හිමිකම් කියති.

අදාළ පිරිස අතරින් තුරෙලිංගම් බාලකුමාර් 2010 වසරේ දක්‍ෂතා ඇසුරෙන් තෝරා ගත් ක්‍රීඩකයකු වන අතර සෙසු පිරිස 2010 වසරේ අනුග්‍රහය යළි දීර්ඝ කිරීමට ලක්‌වූවෝ වෙති.

ඉෂාරා දයානන්ද - මලල ක්‍රීඩා තරගාවලි 4 කදී හොඳම ක්‍රීඩිකාවට(වයස අවුරුදු 20 න් පහළ) හිමි ශූරතාව දිනා ගැනීමට සමත්වූවාය. එම තරගාවලි නම්, කාන්තා මලල ක්‍රීඩා ශූරතාව, ජාතික තරුණ ක්‍රීඩා උළෙල, කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලිය සහ ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට්‌ ප්‍රිමියර් මලල ක්‍රීඩා ශූරතාවයි. ක්‍රීඩා අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද තරගයකදී ඇය ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. ජාතික තරුණ ක්‍රීඩා උළෙලේදී 2008 වසරේ සිට 2010 වසර දක්‌වා අඛණ්‌ඩව වසර තුනකදී වයස අවුරුදු 20 න් පහළ කාණ්‌ඩය යටතේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත් වූවාය. සබරගමු පළාත් මලල ක්‍රීඩා උළෙලේදී ඉසව් තුනක (මීටර 100, මීටර 200 කෙටි දුර ධාවන තරගවලදී හා මීටර 100 කඩුලු පැන දිවීමේ තරගයේදී) නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය. වයස අවුරුදු 19 න් පහළ කාණ්‌ඩයේ මෙන්ම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව වූයේ ඇයයි.

නයෝමිකා ජයතිලක - කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18 න් පහළ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූවාය. කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේදී හොඳම කඩුලු පැනීමේ ශූරිය ලෙස තේරී පත්වූයේද ඇයයි. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ මීටර 400 කඩුලු පැන දිවීමේ තරගයේදී නව තරග වාර්තා තැබීමට ඇය සමත්වූවාය.

පබසරා සේනානායක - සබරගමුව පළාතේ හොඳම මලල ක්‍රීඩිකාව බවට පත්වූවාය. සමස්‌ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී මෙන්ම ධවන තරග ඉසව්වලින් හොඳම ක්‍රීඩිකාව ලෙසත් එම උළෙලේ හොඳම ක්‍රීඩිකාව ලෙසත් ඇය පත්වූවාය.

නිමේෂා සිරිවර්ධන - උතුරු මැද පළාතේ වයස අවුරුදු 17 න් පහළ හොඳඹ මලල ක්‍රීඩිකාව වූවාය. පළාතේ පාසලේ තරගවලින් වයස අවුරුදු 17 න් පහළ හොඳම ක්‍රීඩිකාව ලෙසද නිමේෂා සිරිවර්ධන පත් වූවාය. එසේම එම තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසද ඇය පත්වූවාය.

චාමිකා ජයමිණි - කනිෂ්ඨ ජාතික ශූරතා තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ මීටර 1500 ධාවන තරගයේදී නව තරග වාර්තාවක්‌ තැබීමට සමත් වූවාය.


මත් ජෝන් ටාබට්‌ පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව
අති ශූර ක්‍රීඩකයා ෂෙහාන් ක්‍රීඩිකාව ශෂිප්‍රභා සුසිල් ප්‍රේමලාල්


අති ශුර ක්‍රීඩකයා ෂෙහාන් සමිමාන ලබා ගනිමින්

අති ශුර කීzඩිකාව ශෂිපබා සමිමාන ලබා ගනිමින්


වයස්‌ සීමා ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ කුසලාන ලබාගැනීමෙන් අනතුරුව.
- ඡායාරූප කමල් බෝගොඩ

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් තුන් දිනක්‌ මුළුල්ලේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකව ඊයේ (9 දා) පස්‌වරුවේ අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට්‌ ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ ෂෙහාන් අඹේපිටිය සහ කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහලේ ශෂිප්‍රභා ජයසිංහ 2009 වසරේ අතිශූර පාසල් මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූහ.

නෙස්‌ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේදී නව තරග වාර්තා 18 ක්‌ සහ වාර්තා සම කිරීම් 4 ක්‌ වාර්තා වූ අතර ඒ අතරින් වයස අවු. 20 න් පහළ බාලක මීටර් 200 ඉසව්ව ත. 21.48 කින් නිම කිරීම සහ වයස අවු. 20 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව ත. 24.90 කින් නිම කිරීම පදනම් කොටගෙන ෂෙහාන් සහ ශෂිප්‍රභා අදාළ අතිශූර සම්මාන දිනා ගත්හ.

මේ අතර වලල ඒ. රත්නායක ජාතික පාසලේ ක්‍රීඩකයන් මෙවරත් බාලක ශූරතාව දිනා ගත් අතර එම බාලිකා ශූරතාව දිනා ගන්නා ලද්දේ රත්නපුර සුමන බාලිකා විදුහලේ ක්‍රීඩිකාවන් විසිනි.

ක්‍රීඩා ඇමැති බන්දුල බස්‌නායක සහ නෙස්‌ලේ ලංකා සමාගමේ බාහිර කටයුතු සහ ක්‍රීඩා අනුග්‍රාහක කටයුතු කළමනාකරු බන්දුල එගොඩගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්ව යෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය පැවැත්විණි.

විශේෂ ශූරතා

අවු. 16 න් පහළ බාලක ශූරතාව

1. රෝයල් ඉන්ස්‌ටිටියුට්‌ කොළඹ, 2. ශා. බෙනඩික්‌ විද්‍යාලය - කොටහේන

අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාව

1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. සුමන බාලිකා ම. විද්‍යාලය - රත්නපුර.
අවුරුදු. 18 න් පහළ බාලක ශූරතාව

1. රත්නායක ම.ම.වි. වලල, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.

අවුරුදු 18 න් පහළ බාලිකා ශූරතාව

1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල.

අවුරුදු 20 න් පහළ බාලක ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස්‌ විද්‍යාලය, වෙන්නප්පුව.

අවුරුදු 20 න් පහළ බාලිකා ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර.

පිටියේ බාලක ශූරතාව

1. ආනන්ද විද්‍යාලය කොළඹ, 2. රාජකීය විද්‍යාලය කොළඹ

පිටියේ බාලිකා ශූරතාව

1. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර, 2. මියුසියස්‌ විද්‍යාලය, කොළඹ.

ජවන බාලක ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස්‌ විද්‍යාලය, වෙන්නප්පුව.

ජවන බාලිකා ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි., වලල, 2. සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර

සහාය බාලක ශූරතාව

1. ජෝසප් වාස්‌ විද්‍යාලය, වෙන්නප්පුව, 2. ශා. බෙනඩික්‌ විද්‍යාලය - කොටහේන

සහාය බාලිකා ශූරතාව

1. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල, 2. ඒ. රත්නායක ම.ම.වි., වලල

මීටර් 400 ශූරතාවය

1. වයි. එම්. ඩබ්. ගුණරත්න - ඒ. රත්නායක ම.ම.වි. වලල, ත. 48.95

උස පැනීමේ ශූරතාව

1. උදාර සිල්වා මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව මී. 2.10

දුර පැනීමේ ශූරතාව

1. එස්‌. ඩී. යූ. ඒ. දික්‌මඩුගොඩ - අනුරාධපුර ම.ම.වි. මී. 7.19

පිට පළාත් බාලක ශූරතාව

1. ජෝසප් වාස්‌ විද්‍යාලය වෙන්නප්පුව, 2. මාරිස්‌ටෙලා විද්‍යාලය, මීගමුව.

පිට පළාත් බාලිකා ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල

2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා

ෂොහාන් අඹේපිටිය - ගේට්‌වේ ජාත්‍යන්තර පාසල - රාජගිරිය, මී. 200 ත. 21.48 (නව තරග වාර්තාවකි)

2009 වසරේ දක්‍ෂතම ක්‍රීඩිකාව

ඡේ. ඒ. එන්. එස්‌. ජයසිංහ ශා. ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල. මී. 200 ත. 24.96

සමස්‌ත බාලක ශූරතාව

1. ඒ. රත්නායක ම.ම.වි. වලල, 2. ජෝසප් වාස්‌ විද්‍යාලය, වෙන්නප්පුව

සමස්‌ත බාලිකා ශූරතාව

1. සුමන බාලිකා ම.වි. රත්නපුර, 2. ඒ. රත්නායක ම.ම.වි. වලල.




සබරගමුවේ පද්මා 19 වැනි වරටත් කවපෙත්ත
රන් පදක්‌කම රැකගනියි
2010

සුසිල් ප්‍රේමලාල් මහනුවර සිට

රත්නපුර ෆර්ගසන් බාලිකා විදුහලේ ක්‍රීඩා ගුරුවරියක වන පද්මා නන්දනී විඡේසුන්දර, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක 36 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා කවපෙත්ත ඉසවුවෙන් ඊයේ (31 දා) රන් පදක්‌කම දිනා ගනිමින් අදාළ ක්‍රීඩා තරග ඉතිහාසයේ 19 වැනි වරටත් අඛණ්‌ඩව රන් පදක්‌කම දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්‌ වූවාය.

ජාතික මට්‌ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩිකාවක වන පද්මා නන්දනි විඡේසුන්දර ජාතික ක්‍රීඩා තරග ඉතිහාසයේ ප්‍රථම වරට 1992 වසරේ දී කවපෙත්ත ඉසවුවෙන් රන් පදක්‌කම දිනාගෙන ඇති අතර ඇය එදා මෙදා තෙක්‌ වසර 19 ක දීම අඛණ්‌ඩව එම පදක්‌කම සතුකර ගැනීමට සමත්ව සිටින්නීය.

අදාල තරග ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාවට 2006 වසරේදී (මීටර් 47.50) හිමිකම් පෑ ඇය ජාතික ක්‍රීඩා තරග වාර්තාවට ද 2008 වසරේ සිට (මීටර් 44.17) උරුමකම් කියයි. 2006 වසරේ කොළඹ පැවැති 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා අළෙලේදී කවපෙත්ත ඉසවුවෙන් දිනාගත් රන් පදක්‌කම පද්මා නන්දනි විඡේසුන්දරගේ එකම ජාත්‍යන්තර රන් පදක්‌කම වෙයි.

ඊයේ (31 දා) පෙරවරුවේ පැවැති ජාතික ක්‍රීඩා කවපෙත්ත ඉසවුවේදී විඡේසුන්දර මීටර් 43.31 කින් නිම කිරීමට සමත් වූ අතර


පද්මා නන්දනීට 20 වැනි රන් කිරුළ-2011
සබරගමුව පළාතේ පද්මා නන්දනී විජේසුන්දර ජාතික මහා ක්‍රීඩා උළෙලක කවපෙත්ත විසිකිරීමේ 20 වැනි රන් පදක්කම දිනා ගැනීමත් දකුණු පළාතේ ඩබ්ලිව්. පී. මංජුල කුමාර උස පැනීම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමත් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 36 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඊයේ දෙවැනි දින මලල ක්‍රීඩා තරග බිමේ විශේෂ සිදුවීම් විය.
රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ සිසුවියක ලෙසින් 17 වැනි වියේදී ප්‍රථම වතාවට 1990 වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් පද්මා නන්දනී සිය පළමු රන් පදක්කම දිනා ගත්තාය.
අනතුරුව 1991 වසරේදී ඇය දීපිකා රොඩ්රිගෝට පරාජය වූ අතර ඉන්පසුව මේ දක්වා කාන්තා කවපෙත්ත විසි කිරීමේ රන් පදක්කම්ලාභිනිය වූයේ පද්මා නන්දනී විජේසුන්දරය.
ඇය අද රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විදුහලේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය ගුරුවරිය වන්නීය.පද්මා නන්දනී ඊයේ සහභාගි වූයේ ඇගේ 21 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලටයි. එහිදී ඇය මීටර් 43.31 ක් දුර කවපෙත්ත විසි කරමින් සිය 20 වැනි රන් පදක්කම දිනා ගත්තාය.

ඩීඑස්‌අයි සුපර් ස්‌පෝට්‌ස්‌
වොලිබෝල් තරගාවලියේ කැළැඹිල්ලක්‌!



ඉන්ද්‍රජිත් සුබසිංහ

මෙරට ප්‍රමුඛතම පාසල් වොලිබෝල් තරගාවලිය වන ඩී.එස්‌.අයි. සුපර් ස්‌පෝර්ට්‌ස්‌ වොලිබෝල් තරගාවලියේ ජාතික මට්‌ටමේ තරග වලදී පසුගිය සිව් වසර පුරා එහි ආධිපත්‍ය දරා සිටි මාදම්පේ සේනානායක විදුහල යම් පසුබෑමකට ලක්‌වූ අයුරක්‌ දිස්‌වූ අතර පසුගිය තරගාවලි වලදී යම්තාක්‌ පසුබෑමකට ලක්‌ව සිටි නාත්තන්ඩිය ධම්මිස්‌සර විදුහල ප්‍රගතියක්‌ දැක්‌වීමට සමත්විය.

ඉකුත් වසර 4 ක කාලයේ පැවැති සියලු සුපර් ස්‌පොර්ට්‌ස්‌ තරගාවලි වලදී කණ්‌ඩයාම් 4 බැගින් අවසන් මහා තරග අවස්‌ථාව දිනාගත් සේනානයක විදුහල මෙවර සුදුසුකම් ලබා ඇත්තේ අවසන් මහා තරග 2කට පමණි. ධම්මිස්‌සර විදුහල අවසන් මහා තරග 2 කට සහ 12න් පහළ හෙවත් සුපර් කිඩ්ස්‌ තරගාවලියේ බාලිකා අවසන් තරගයටද සුදුසුකම් ලබාගත්හ.

දේශීය පාසල් වොලිබෝල් ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන පාසලක්‌ වන රුවන්වැල්ල රාජසිංහ විදුහල අවසන් පූර්ව තරග කිහිපයක්‌ කරා පැමිණියද ඔවුන්ට අවසන් මහා තරග වරම් උදාවූයේ වයස 14න් පහළ බාලක තරගයේ පමණක්‌ වීම විශේෂ සිද්ධියකි.

අදාළ තරගාවලියේ අවසන් මහ තරග අගෝස්‌තු 19-20 දෙදින කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පසුගියදා පැවැති එම තරගාවලියේ ජාතික මට්‌ටමේ තරග වලදී අවසන් පූර්ව තරග ජය ගනිමින් අවසන් මහා තරග සුදුසුකම් ලබාගත් කණ්‌ඩායම් සහ තෙවැනි ස්‌ථාන මෙසේය.

වයස අවුරුදු 12න් පහළ සුපර් කිඩ්ස්‌ තරගාවලිය.

බාලක - හුංගම විජයබා (ලකුණු 15-9, 15-9 ලෙස නායක්‌කන්ද බිෂොප් විදුහල පරදවමින්) සහ ගාමිණි වැව මහා විදුහල (ලකුණු 15-8, 18-16 ලෙස කරුවලගස්‌වැව මහ විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය - කරුවලගස්‌වැව මහ විදුහල.

බාලිකා - නාත්තන්ඩිය ධම්මිස්‌සර මහ විදුහල (ලකුණු 15-12,15-12 ලෙස මහගමසේකර මහ විදුහල පරදවමින්) සහ කඳපොල මහ විදුහල (ලකුණු 15-1,15-5 ක්‌ ලෙස මොණරාගල ඇල්පිටිය මහ විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය - මහගමසේකර මහ විදුහල

සුපර් ස්‌පෝට්‌ස්‌ තරගාවලිය

වයස අවුරුදු 14න් පහළ

බාලක - නාත්තන්ඩිය ධම්මිස්‌සර විදුහල (ලකුණු 20-25, 25-16,25-22 ලෙස මීගමුව මාරිස්‌ටෙලා විදුහල පරදවමින්) සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල (ලකුණු 25-12,25-19 ලෙස සීදුව දවිසමර විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය - සීදූව දවිසමර විදුහල

බාලිකා - කුමාරිගම මහ විදුහල (ලකුණු 12-25, 25-20, 25-20 ලෙස ඇහැලියගොඩ ධර්මපාල විදුහල පරදවමින්) සහ රක්‌වාන කඳපොල විදුහල (ලකුණු 25-14, 25-20 ලෙස ආණමඩුව මැදි මහ විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය- ඇහැලියගොඩ ධර්මපාල විදුහල

වයස අවුරුදු 16න් පහළ

බාලක - සීදූව දවිසමර විදුහල (ලකුණු 25-20, 30-28, 25-18 ලෙස රුවන්වැල්ල රාජසිංහ විදුහල පරදවමින්) සහ මාදම්පේ සේනානායක (ලකුණු 25-18,25-16, 25-15 ලෙස මීගමුව මාරිස්‌ටෙලා විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය- මීගමුව මාරිස්‌ටෙලා විදුහල

බාලිකා - ශාන්ත මැතිව්ස්‌ බාලිකා විදුහල (ලකුණු 25-18, 25-16, 25-22 ලෙස අනුරාධපුර මැදි මහ විදුහල පරදවමින්) සහ තොඩුවාව ශාන්ත අන්තෝනි විදුහල (ලකුණු 25-18, 25-15, 25-22 ලෙස රුවන්වැල්ල රාජසිංහ විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය- රුවන්වැල්ල රාජසිංහ විදුහල

වයස අවුරුදු 18න් පහළ

බාලක - නාත්තන්ඩිය ධම්මිස්‌සර විදුහල (ලකුණු 25-19, 25-22, 25-15 ලෙස රුවන්වැල්ල රාජසිංහ විදුහල පරදවමින්) සහ මාදම්පේ සේනානායක (ලකුණු 30-28,25-16, 25-21 ලෙස සීදූව දවිසමර විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය - සීදූව දවිසමර විදුහල

බාලිකා - අනුරාධපුර මැදි මහ විදුහල (ලකුණු 25-23, 25-27, 25-22,20-25 සහ 15-7 ලෙස ඉබ්බාගමුව ආදර්ශ මහ විදුහල පරදවමින්) සහ ආණමඩුව මැදි විදුහල (ලකුණු 25-18, 25-15, 25-22 ලෙස තෝලංගමුව මැදි විදුහල පරදවමින්) තෙවැනි ස්‌ථානය- ඉබ්බාගමුව ආදර්ශ මහ විදුහල


Sports
Singaporean shatters Padma Nandani’s record
by Reemus Fernando

Well-known Padma Nandani Wijesundara’s dominance in women’s discus throw in the National Athletic Championships came under threat, after nearly 15 years, when a Singaporean, Wan Lay Chi, won the Gold of the event yesterday, the second day, of the 85th National Athletic Championship. Chi set a new meet record at the Sugathadasa Stadium to win her Gold.

Wijesundara, who has been reigning the women’s event since 1992, threw a distance of 44.17 meters only to win the Silver while Chi threw a record distance of 45.39 meters to shatter Wijesundara’s earlier meet record set in 2006. Wijesundara’s 2006 feat was recorded in 44.65 meters. 

Friday, 25 August 2006

South Asian Games – Day 2


Double gold medallist Susanthika Jayasinghe (women's 200 and 4 x 100m) and Rohan Pradeep Kumara (men's 200m and 400m) celebrate in Colombo  (Dinesh Weerawansa)
Double gold medallist Susanthika Jayasinghe (women's 200 and 4 x 100m) and Rohan Pradeep Kumara (men's 200m and 400m) celebrate in Colombo (Dinesh Weerawansa)
Colombo, Sri Lanka - Indians continued their overall dominance while Sri Lanka gained surprise success in some field events on day two of the athletic competition at the 10th South Asian Games in Colombo on Friday (25).
India followed their six gold medals on the opening day with another six out of 14 finals that were worked off on day two. The Indian men won two out of their seven finals while their women fared much better winning four out of seven, highlighted by 2003 World championship bronze medallist Anju Bobby George, who won the Long Jump gold medal with 6.42m.
Thanks to three surprise gold medals by little known athletes in field events, Sri Lanka bagged five gold medals to bring their total to eight, though Indian still heads the overall standings with 12 gold.
Nepal (Rajendra Bhandari, 5000m 14:01.19) and Bangladesh (Mohammed Mahfuzar Rahman, 14.19 in men's 100m Hurdles) won their first athletic gold medals of the Colombo 2006 Games, while Pakistan won its second (Allah Ditta, 400m Hurdles 51.00).
The Lankan gold medallists in yesterday's athletic events were Rohan Pradeep Kumara (men's 400m - 46.33 sec,), Kingsly Gunatillake (men's Javelin Throw), Dulanjalee Ranasinghe (women's High Jump – 1.71m) and Padma Nandani Wijesundara (women's Discus Throw – 47.50m). Sri Lanka also bagged the women's 4x100m gold (44.63 sec).
Rohan Pradeep, the 200m winner on day one, underlined his track supremacy with another great race in the men's 400m final in 46.33 but had to survive a ding dong battle with compatriot Prasanna Amarasekera of the Sri Lanka Army. Rohan Pradeep got off to a relatively good start and was accelerating by the half way mark when his team mate challenged. Amarasekera overtook him with just 75m to go but Pradeep did not give up and regained the lead only just 30m away from finish line, with Amarasekera taking silver in 46.40.
Sri Lanka's women's team, which included the previous day's women's 200m gold and silver medallists - Susanthika Jayasinghe and Sujani Buddhika, bagged women's 4 x 100m gold. On the anchor leg, Jayasinghe brought home the baton in 44.63, a new SA Games athletic record bettering the previous mark of 44.64 by India in Kanthmandu, 1999.
Indian gold medallists on Day 2 were Pinki Pramanik (52.54 – women’s 400m), Preej Sradeedharan (34:27.13 – women’s 10,000m), Anuradha Biswal (14.28 – women’s 100m Hurdles), Sourab Vij (17.43m in men's Shot Put), Anju Bobby George (6.42m in women's Long Jump), Men’s 4x100 relay: 1. India 40.29,
Dinesh Weerawansa for the IAAF

Day Two results (25 Aug)
Men:
400m
1. Rohan Pradeep Kumara (Sri Lanka) 46.33, 2. Prasanna Amarasekera (Sri Lanka) 46.40, 3. Rana Saheer Ahmed (Pakistan) 47.77
5000m
1.Rajendra Bhandari (Nepal) 14:01.19,  2. Sunil Kumar Singh (India) 14:02.43, 3. Nowshad Khan (Pakistan) 14:28.59
110m Hurdles
1.Mafuzur Rahman (Bangladesh) 14.19, 2. Muhanned Sajjad (Pakistan) 14.26, 3. Abdul Rashid (Pakistan) 14.62
400m Hurdles
1.Allah Ditta (Pakistan) 51.00, 2. Asoka Jayasundara (Sri Lanka) 51.02, 3. Joseph Abraham (India) 51.66
Shot Put
1.Sourab Vij (India) 17.43, 2. Kudeep Man (India) 16.75, 3.Asraf Ali (Pakistan) 16.63
Javelin Throw
1.Kingsly Gunathilake (Sri Lanka) 77.99, 2.Sunil Goswami (India) 70.20, 3.Muhammad Irfan (Pakistan) 69.69
4x100 relay
1. India 40.29, 2. Pakistan 40.76, 3. Afghanistan 43.91.

Women:
400m
1. Pinki Pramanik (India) 52.54, 2. Menaka Wickramasinghe (Sri Lanka) 53.83, 3. Lasanthi Deepika (Sri Lanka) 55.76
10,000m
1. Preej Sradeedharan (India) 34:27.13, 2. Kanchai Maya Koju (Nepal) 35:03.43, 3. Preethi Rao (India) 35:24.05
100m Hurdles
1.Anuradha Biswal (India) 14.28, 2. Sumita Rani (Bangladesh) 14.36, 3. Poonam Bojanna (India) 14.61.
High Jump
1.Dulanjalee Ranasinghe (Sri Lanka) 1.71m, 2. Tharanga Vinodani (Sri Lanka) 1.68m, 3.Tessymol Joseph (India) 1.68m
Long Jump
1.Anju Bobby George (India) 6.42m, 2. Foujia Huda (Bangladesh) 6.07m, 3. N.C.D Priyadarshani (Sri Lanka) 5.94m
Discus Throw
Padma Nandani Wijesundara (Sri Lanka) 47.50m, 2. Sarjoj Singhe (India) 45.67m, 3. Priyanka Bhanot (India) 43.29m
4x100m relay
1.Sri Lanka 44.63 secs, 2.India 46.37, 3.Pakistan 47.28


ඔලිම්පික් දින මාර්ග ධාවනය හෙට රත්නපුරදී



පී.ඩී.එෆ් (PDF)

ජාත්‍යන්තර ඔලිම්පික් දිනය සිහි කරමින් ඔලිම්පික් දින මාර්ග ධාවනය හෙට (21) රත්නපුර නව නගර කී‍්‍රඩාංගණය අසලින් ආරම්භ කෙරේ.

සහභාගිත්වය හා සහෝදරත්වය තේමාව කොටගෙන පැවැත්වෙන මෙම ඔලිම්පික් දින ධාවනය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1000ක් පමණ සහභාගිවීමට නියමිතය.

මෙහිදි කිලෝමීටර් 8ක දුරක් ධාවනයේ යෙදීමට නියමිත අතර ඒ සඳහා රත්නපුර සුමන බාලිකා ම.වි., බටුහේන ම.වි, නවනගර කුමර වි, සීවලී ම.ම.වි, කුරුවිට ම.ම.වි, ෆර්ගියුසන් උසස් බා.වි., මිහිදු ම.වි, ශාන්ත ඇලෝසියස් ම.වි, ශාන්ත ලූකස් ම.වි, ජේසු බිලිදාගේ කන්‍යාරාමය, ධර්මපාල ම.වි. නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි වේ.

සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියේ ධම්මිස්සර-සේනානායක සටන මෙවරත්   2010



ඩී.එස්.අයි. සුපර් ස්පෝර්ස්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ 18න් පහළ පිරිමි අවසන් තරගයට නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල හා මාදම්පේ සේනානායක විදුහල මෙවරත් සුදුසුකම් ලබා ගත්හ.  පසුගිය වසරේදී ද මේ තරග අංශයෙන් ධම්මිස්සර - සේනානායක විදුහල් අතර තියුණු සටනක් පැවැති අතර එහිදී තරග වට 3-2කින් නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල ජය වාර්තා කළේය. පසුගිය වසරේ 18න් පහළ පිරිමි අංශයෙන් තෙවැනි ස්ථානයට පත්වූ සීදුව දවිසමර විදුහල මෙවරත් එම ස්ථානයටම පත්ව තිබේ.  අවසන් තරගයට පිවිසි ධම්මිස්සර විදුහල වෙතින් රුවන්වැල්ල රාජසිංහ විදුහල 3-0කින් පරාජය වූ අතර මාදම්පේ සේනානායක විදුහල වෙතින් දවිසමර විදුහල පරාජයට පත්විය.

පසුගිය වසරේ පැවැති ධම්මිස්සර - සේනානායක විදුහල් අතර අවසන් ගැටුමේ උණුසුම් අවස්ථාවක්.

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී රුවන්වැල්ල රාජසිංහ විදුහල පරදවා දවිසමර විදුහල ජය වාර්තා කළේය.  18න් පහළ කාන්තා අංශයෙන් අනුරාධපුර මධ්‍ය මහා විදුහල හා ආනමඩුව මධ්‍ය මහා විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.  ආනමඩුව විදුහල වෙතින් 3- 0කින් තෝලංගමුව මධ්‍ය මහා විදුහල පරාජය වූ අතර අනුරාධපුර මධ්‍ය මහා විදුහල වෙතින් 3-2කින් ඉබ්බාගමුව ආදර්ශ විදුහල පරාජය විය.  එහි තෙවැනි ස්ථානය සඳහා තරගයේදී ඉබ්බාගමුව ආදර්ශ විදුහලට ජය හිමිවිය.
16න් පහළ පිරිමි අවසන් තරගයට සීදුව දවිසමර හා මාදම්පේ සේනානායක සුදුසුකම් ලබා ගත්හ.  මාදම්පේ සේනානායක විදුහල පසුගිය වසරේදී මේ වයස් කාණ්ඩයේ සූරතාව දිනා ගැනීමට සමත්විය. පසුගිය වසරේ තෙවැනි අනුසූරයන් වූ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල මෙවර තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී මීගමුව මාරිස්ටෙලා විදුහල වෙතින් පරාජයට පත්විය. මෙහි කාන්තා අවසන් තරගයට තොඩුවාව සාන්ත අන්තෝනි හා සාන්ත මැතිව් බාලිකා යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ.
තෙවැනි ස්ථානය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල දිනාගත්තේ අනුරාධපුර මධ්‍ය මහා විදුහල පරාජය කරමිනි. 14න් පහළ පිරිමි අවසන් තරගයට නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහල හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල සුදුසකම් ලබා ගත්හ.  පසුගිය වසරේ සූරතාව දිනාගත් දවිසමර විදුහල මෙහි තෙවැනි ස්ථානයට මෙවර පත්වීම කැපී පෙනුණි. ඔවුන් වෙතින් මිගමුව මාරිස්ටෙලා විදුහල පරාජයට පත්විය. 14න් පහළ කාන්තා අවසන් තරගයට කුමාරිගම විදුහල හා රක්වාන කැන්දෙපොල විදුහල සුදුසුකම් ලබා සිටිති. පසුගිය වසරේ සූරතාව දිනාගත් ඇහැලියගොඩ ධර්මපාල විදුහල මෙවර තෙවැනි ස්ථානයට පත්වූයේ ආනමඩුව මධ්‍ය මහා විදුහල පරාජය කරමිනි.
සුපර් කිඩ්ස් ෆියෙස්ටා 12න් පහළ පිරිමි අංශයෙන් හුංගම ජාතික පාසල හා ගාමිණිවැව මහා විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ.  කරුවලගස්වැව මහා විදුහල මෙහි තෙවැනි ස්ථානයට පත්වූයේ නායකකන්ද බිෂොප් විදුහල පරදවමිනි.  කාන්තා අංශයෙන් නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහල හා කැන්දෙපොල විදුහල සුදුසුකම් ලබා ගත්හ. තෙවැනි ස්ථානය මහගමසේකර මහා විදුහලට හිමිවූයේ ඇල්පිටිය මහා විදුහල පරාජයට පත් කරමිනි. පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග ලබන මස 19 හා 20 දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.

13න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ දී

නව තරග වාර්තා 14 ක්‌ බිහිවූ
සමස්‌ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවේ
අතිශූර ක්‍රීඩකයා මිලන්ත සම්පත් - ක්‍රීඩිකාව පඹසරා සේනානායක


සුසිල් ප්‍රේමලාල්

වයඹ පළාතේ මහව පොල්පිතිගම ජාතික පාසලේ මිලන්ත සම්පත් සහ සබරගමුව පළාතේ කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහලේ පඹසරා සේනානායක ඊයේ (27 දා) පස්‌වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අවසන් වූ 2009 සමස්‌ත ලංකා ක්‍රීඩා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දෙඅංශයේ (බාලක - බාලිකා) අතිශූර සම්මාන දිනා ගත්හ.

දිවයිනේ පාසල් 1048 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5087 දෙනකුගේ සහභාගිත්වයෙන් පස්‌ දිනක්‌ මුළුල්ලේ ක්‍රියාත්මක වූ මෙම පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවේ දී වයස අවු. 19 න් පහළ බාලක දුර පැනීමේ ඉසව්ව මීටර් 7-30 කින් නිම කොට දැක්‌වූ දක්‍ෂතාව අනුව මිලන්ත සම්පත් අදාළ සම්මානය දිනාගත් අතර පඹසරා සේනානායක අදාළ සම්මානය දිනා ගන්නා ලද්දේ වයස අවු. 17 න් පහළ මීටර් 100 ත. 12.41 කින් නිම කොට දැක්‌වූ දක්‍ෂතාව හේතුවෙනි.

වයස්‌ සීමා හතරක්‌ යටතේ පැවැති අදාළ තරගාවලියේදී වෙන්නප්පුව ජෝශප් වාස්‌ මැදි මහ විදුහලේ ක්‍රීඩකයෝ සහ වලල ඒ රත්නායක මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවෝ 2009 බාලක - බාලිකා සමස්‌ත මලල ක්‍රීඩා ශූරතාව දිනා ගත්හ. මෙවරද බස්‌නාහිර පළාතේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් මලල ක්‍රීඩා ශූරතා දෙකම පිට පළාත් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගැනීම කැපීපෙනුණි.

2009 සමස්‌ත ලංකා පාසල් තරගාවලිය සඳහා ක්‍රීඩා 23 ක්‌ පැවැති අතර ඒ අතරින් බස්‌නාහිර පළාත නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලකුණු 834 ක්‌ ලබමින් සමස්‌ත ක්‍රීඩා ශූරතාවට හිමි ජනාධිපති කුසලාන මෙවරත් දිනාගත්හ.

මේ අතර මෙවර ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තා 14 ක්‌ සහ එක්‌ තරග වාර්තාවක්‌ සම කිරීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ජිම්නාස්‌ටික්‌ ව්‍යාප්ති නිලධාරි මිල්රෝයි ජයමාන්න මහතාගේ මෙහෙයවීමෙන් සහ අධීක්‍ෂණයෙන් මෙවරත් සමාරම්භක සහ සමාප්තිය වර්ණවත් සංදර්ශන කිහිපයකින් සමන්විත විය.

ශූරතා

15 න් පහළ බාලක ශූරතාව
මධ්‍යම පළාතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 30
බස්‌නාහිර පළාතේ නුගේගොඩ ශා. ජෝසප් පිරිමි විද්‍යාලය ලකුණු 30

15 න් පහළ බාලිකා ශූරතාව
1. බස්‌නාහිර පළාතේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 40
2. බස්‌නාහිර පළාතේ ගම්පහ සිරිකුරුස විද්‍යාලය ලකුණු 22

17 න් පහළ බාලක ශූරතාව
1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස්‌ මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 71
2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 35

17 න් පහල බාලිකා ශූරතාව
1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය ලකුණු 63
2. සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය ලකුණු 49

19 න් පහළ බාලක ශූරතාව
1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස්‌ මධ්‍ය මහා විද්‍යාලය 65
2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 44

19 න් පහළ බාලිකා ශූරතාව
1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 75
2. සබරගමුව රත්නපුර ෆර්ගසන් උසස්‌ බාලිකා විද්‍යාලය 64

20 න් පහල බාලක ශූරතාව
1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 57
2. බස්‌නාහිර පළාතේ කොළඹ රාජකීය විද්‍යාලය 40

21 න් පහළ බාලිකා ශූරතාව
1. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය ලකුණු 66
2. වයඹ පළාතේ මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලය 56

අර්ධ මැරතන් බාලක ශූරතාව
1. ඌව පළාතේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ චානක චතුරංග - පැය 01 විනාඩි 11 තත්.51
2. වයඹ පළාතේ දුම්මලසූරිය ඡේ. ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ එම්. ගයාන් මධුසංක - පැය 01 විනාඩි 13 තත්.47

අර්ධ මැරතන් බාලිකා ශූරතාව
1. මධ්‍යම පළාතේ කටුගස්‌තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ එච්. එම්. මිලිනා කුමාරි - පැය 01 විනාඩි 26 තත් 13
2. උතුරුමැද පළාතේ ඇටවීරගොල්ලෑව මහා විද්‍යාලයේ තිළිණි වත්සලා ඉසුරු බණ්‌ඩාර පැය 01 විනාඩි 26 තත්. 46

පැනීමේ ඉසව් ශූරතාව
වයඹ පළාතේ මහව පොල්පිතිගම ජාතික පාසලේ ඩබ්ලිව්. ඩී. එම්. නිලන්ත සම්පත් - දුර පැනීම මීටර් 7.30

විසි කිරීමේ ඉසව් ශූරතාව
බස්‌නාහිර පළාතේ මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයේ එම්. ඒ. අසංක රංගන පෙරේරා - හෙල්ල විසිකිරීම - මීටර් 57.59

දක්‍ෂතම ක්‍රීඩක ශූරතාව
1. වයඹ පළාත් මහව පොල්පිතිගම ජාතික පාසලේ ඩබ්. ඩී. එම්. මිලන්ත සම්පත් දුර පැනීම - මි.7.30

දක්‍ෂතම ක්‍රීඩිකා ශූරතාව
1. සබරගමුව පළාත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ එස්‌. ආර්. ඡේ. පී. සේනානායක මී. 100 තත්. 12.41 (මූලික වටයේ නව තරග වාර්තාව)

සහාය දිවීමේ බාලක ශූරතාව
1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස්‌ ම.ම. විද්‍යාලය 33
2. බස්‌නාහිර පළාතේ මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලය 26

සහාය දිවීමේ බාලිකා ශූරතාව
1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 29
2. උතුරුමැද පළාතේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය 19

මලල ක්‍රීඩා බාලක ශූරතාව
1. වයඹ පළාතේ වෙන්නප්පුව ජෝශප් වාස්‌ මධ්‍ය මහා විද්‍යාලය 139
2. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 79

මලල ක්‍රීඩා බාලිකා ශූරතාව
1. මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය 130
2. සබරගමුව පළාතේ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය 97
ක්‍රීඩා සමස්‌ත ශූරතාව

1. බස්‌නාහිර පළාත ලකුණු 834
2. මධ්‍යම පළාත ලකුණු 448
3. සබරගමුව පළාත ලකුණු 310


ජාතික ශිෂ්‍ය භට‍ බලකායේ බාලිකා ශිෂ්‍යභට ඇගයීම් කඳවුර රන්ටැඹේදී

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
(කොළඹ-ලංකාපුවත්-සැප්තැම්බර් 12) ජාතික ශිෂ්‍ය භට‍ බලකායේ බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩ 50කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ වාර්ෂික ඇගයීම් කඳවුර පසුගියදා රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථා‍නයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ගාමිණී ජයසුන්දර මහතා සහභාගී විය.

දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයන්හි පිහිටුවා ඇති බාලිකා ශිෂ්‍යභටවල වර්ෂය පුරා සිදු කරනු ලබන පුහුණුවීම්වලින් පසුව රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී දින 10ක් පුරා මෙම ඇගයීම් කඳවුර පැවැත්වේ.

වාර්ෂික ඇගයීම් කඳවුරේදී ඔවුන්ට ශාරීරික අභ්‍යාස, ඝණ සරඹ, සිතියම් කියවීම, භූමි උපකරණ, ප්‍රථමාධාර, සාමාන්‍ය දැනීම, ආපදා කළමනාකරණය, ආත්ම විශ්වාසය වර්ධනය වැනි විෂයන් පිළිබඳව පුහුණුවක් ලබාදෙන අතර ඉන් අනතුරුව සිදුකෙරෙන ඇගයීම් පරීක්ෂණවලින් ලබාගන්නා ලකුණු මත ශූරතාවය හා අනු ශූරතාවය ලබාගන්නා ඛණ්ඩ නම් කරනු ලබයි.

මෙම කඳවුරේදී මහනුවර මහමායා බාලිකා විද්‍යාලීය බාලිකා ශිෂ්‍යභට ඛණ්ඩය ශූරතාවය දිනාගත් අතර අනු ශූරතාවය රත්නපුර සුමන බාලිකා විද්‍යාලීය ඛණ්ඩයත්, තෙවන ස්ථානය බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවිය.

හේවාවිතාරණ විදුහලට ගෝල් 10- 0 ක විශිෂ්ට ජයක්-2009


සමපෝෂ සමස්ත ලංකා 13 න් පහළ පාසල් පාපන්දු තරගයේ අවසන් වටයේ තරගයකදී රාජගිරිය හේවාවිතාරණ විදුහල ගෝල් 10 - 0 කින් මඩකලපුව ප්‍රනීත වලානර් විදුහල පරාජයට පත් කෙළේය.
සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් ඊයේ කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේ දී සමපෝෂ සමස්ත ලංකා අවුරුදු 13 න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් වටයේ තරග ආරම්භ වුණි.
රටපුරා පිරිමි පාසල් කණ්ඩායම් 364ක් හා කාන්තා කණ්ඩායම් 64ක් අතුරින් අවසන් වටයට පිවිසි කණ්ඩායම් 40ක් ඊයේ අවසන් පූර්ව වටයේ තරගවලට එක්වූහ. අවසන් පූර්ව වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර අවසන් තරග හෙට පැවැත්වේ.
රාජගිරිය හේවාවිතාරණ මහා විදුහල මේ තරගාවලියේ විශාලතම පෙරළියක් කරමින් එක් කණ්ඩායමක් තරගයකදී වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාවද වාර්තා කිරීම කැපී පෙනුණි. හේවාවිතාරණ විදුහල දෙවැනි තරගයේදී ගෝල් 2 – 0 කින් කළුතර සිරි කුරුස විදුහල ද පරාජයට පත් කෙළේය.

එමෙන්ම රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල ද ඊයේ සහභාගි වූ තරග දෙකෙන්ම ජය වාර්තා කිරීමට සමත්විය. ශාන්ත ඇලෝසියස් වෙතින් ගෝල් 2 – 0 කින් කැලණිය ධර්මාලෝක විදුහල ද ගෝල් 5 – 0 කින් හලාවත නාලන්දා විදුහල ද පරාජයට පත් කළේය.

කොළඹ සහිරා විදුහල ගෝල් 3 – 0 කින් අනුරාධපුර රුවන්වැලි මහා විදුහල පරාජය කළද, දෙවැනි තරගයේදී කුරුණෑගල මලියදේව ක්‍රීඩකයන් වෙතින් ගෝල් 1 – 0 කින් පරාජයට පත්විය.
බාලිකා තරග අංශයේදී මලියදේව බාලිකා විදුහල ගෝල් 6 – 0 කින් නුවරඑළිය විදුලිපුර මහ විදුහල පරාජයට පත්කිරීමට සමත්විය. මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ පැවැති තරගවලදී බාලිකා කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාව මලියදේව ක්‍රීඩිකාවෝ වාර්තා කිරීම කැපී පෙනුණි.
බාලක
කොළඹ සහිරා විදුහල ගෝල් 3 – 0 කින් අනුරාධපුර රුවන්වැලි මහා විදුහල පැරදවිය.
බොරැල්ල යුසමයවර්ධන හා ත්‍රිකුණාමලය අල් අක්සාර් විදුහල අතර තරගය ගෝල් නොලබා ජය පැරදුමෙන් තොර විය.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල ගෝල් 2 – 0 කින් කැලණිය ධර්මාලෝක විදුහල පැරදවිය.
මාර ශාන්ත සර්වේසස් විදුහල ගෝල් 3 – 0 කින් වාරියපොල ශ්‍රී සුමංගල විදුහල පැරදවිය.
කුරුණෑගල මලියදේව විදුහල ගෝල් 1 – 0 කින් මරදාන සහිරා විදුහල පැරදවිය.
රාජගිරිය හේවාවිතාරණ විදුහල ගෝල් 10 – 0 කින් ත්‍රිකුණාමලය ප්‍රනීත වලානර් විදුහල පැරදවිය.

බාලිකා
බිබිල මැදගම විදුහල ගෝල් 1 – 0 කින් කිරිල්ලවල මහ විදුහල පැරදවිය.
ගලෙන්බිදුනවැව මහා විදුහල ගෝල් 1 – 0 කින් කෑගල්ල ශාන්ත මේරි දෙමළ මහා විදුහල පැරදවිය.
මහනුවර හේවාහැට මහා විදුහල ගෝල් 2 – 0 කින් කුරුණෑගල ශාන්ත ආනා විදුහල පැරදවිය.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහල ගෝල් 6 – 0 කින් වේලාපුර මහා විදුහල පැරදවිය.
සිරිමාවෝ බාලිකා විදුහල හා නුවරඑළිය විදුලිපුර ම.වි. අතර තරගය ගෝල් නොලබා ජය පැරදුමෙන් තොරවිය.

ඩී.එස්‌.අයි. සුපර්ස්‌පෝට්‌ වොලිබෝල් -2009

මාදම්පේ සේනානායක විදුහල අවසන්
මහ තරග හතරකට සුදුසුකම් ලබයි

ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය එක්‌ව සංවිධානය කරනු ලබන වසර 11 ක ඉතිහාසයක්‌ ඇති දිවයිනේ ප්‍රමුඛතම පාසල් වොලිබෝල් තරගාවලිය වන ඩී.එස්‌.අයි. සුපර් ස්‌පෝර්ට්‌ස්‌ ශූරතා තරගමාලාවේ පළමුවරට එකම පාසලක්‌ නියෝජනය කරමින් පිරිමි අංශයේ වයස්‌ කාණ්‌ඩ තුනෙන්ම අවසන් මහා තරග වරම් ලැබීමට මාදම්පේ සේනානායක විදුහල සමත්ව සිටියි.

වයස 14, 16 සහ 18 යන වයස්‌ කාණ්‌ඩ, තුනෙන්ම අවසන් මහා තරග සඳහා මෙලෙස එම විදුහල් කණ්‌ඩායම් සුදුසුකම් ලැබූහ. එයට අමතරව වයස අවුරුදු 18 න් පහළ බාලිකා තරගයේ අවසන් තරගයටද මාදම්පේ සේනානායක කණ්‌ඩායම සුදුසුකම් ලැබීය.

පසුගිය වසරේද එම විදුහල් කණ්‌ඩායම් 4 ක්‌ (බාලක කණ්‌ඩායම් 2 ක්‌ සහ බාලිකා කණ්‌ඩායම් 2 ක්‌) අවසන් මහා තරග වරම් ලැබූ අතර එය තරගාවලි ඉතිහාසයේ පළමුවරට එක්‌ පාසලක්‌ නියෝජනය කරමින් කණ්‌ඩායම් 4 ක්‌ සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්‌ථාව ලෙසින් සටහන් විය.

පසුගිය සති අන්තයේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අදාළ ජාතික මට්‌ටමේ තරග පැවැත්විණි. තරගාවලියට සමගාමීව ලාබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පැවැත්වෙන වයස අවුරුදු 12 න් පහළ ඩී.එස්‌.අයි. සුපර් කිඩ්ස්‌ (මිනි වොලිබෝල්) තරගාවලියේ බාලක අවසන් මහා තරගයට තොටගමුව විජයබා මහා විද්‍යාලයත් මුතුකෙලියාව මහා විද්‍යාලයත් සුදුසුකම් ලැබූහ. එම බාලිකා අවසන් මහා තරගයට කැඳපොල විද්‍යාලයත්, බුත්තල දුටුගැමුණු විද්‍යාලයත් සුදුසුකම් ලබා සිටිති.

මේ අතර වයස අවුරුදු 14 න් පහළ බාලිකා තෙවැනි ස්‌ථානය වෙනුවෙන් පැවැති තරගය ඉතා උණුසුම් මුහුණුවරක්‌ ගැනීම කැපී පෙනුණි. ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය සහ දෙනියාය ශාන්ත මැතිව් විදුහල අතර පැවැති එම තරගයේදී ලකුණු 25/22, 25/19, 15/25, 27/25 ක්‌ සහ 15/11 ලෙස තරග වට 3-2 ක ජයක්‌ ලැබීමට දෙනියාය ශාන්ත මැතිව් විදුහල සමත්විය. එම වයස්‌ කාණ්‌ඩයේ බාලක තරගයද එවැනිම කරට කර සටනකින් පසු ලකුණු 25/23, 25/27, 10/25, 25/18 ක්‌ සහ 15/06 ක්‌ ලෙස අළුත්ගම මහ විදුහල පරාජය කරමින් බුත්තල දුටුගැමුණු විදුහල ජය ලැබීය.

කොට්‌ටාව ධර්මපාල විදුහල සහ කන්තලේ අග්බෝපුර විදුහල අතර පැවැති වයස අවුරුදු 16 න් පහළ බාලිකා තරගයේදී ලකුණු 25/22, 25/20, 12/25 සහ 25/23 ක්‌ ලෙස තරග වට 3-1 ක ජයක්‌ ලැබීමට අග්බෝපුර විදුහල සමත්විය.

තරගවට 3-0 ක්‌ ලෙස සීදුව දවිසමර කණ්‌ඩායම පරදවමින් දික්‌වැල්ල විජිත මහා විද්‍යාලය ජයග්‍රහණය අත්කරගත් අතර එය ප්‍රථම තරගවට දෙක ලකුණු 25/17 ක්‌ සහ 25/15 ක්‌ ලෙස විජිත කණ්‌ඩායම ජයගෙන තිබියදී තෙවැනි වටය ක්‍රීඩා කිරීමකින් තොරව සීදුව කණ්‌ඩායම තරගයෙන් ඉවත්වීම විශේෂත්වයක්‌ විය.

වයස අවුරුදු 18 න් පහළ බාලිකා තෙවැනි ස්‌ථානය මහනුවර සීතාදේවි විදුහල තරග වට 3-0 කින් පරාජය කළ හේනේගම මධ්‍ය මහා විදුහලද එම බාලක තෙවැනි ස්‌ථානය තොඩුවාව ශාන්ත අන්තෝනි විදුහල තරගවට 3-0 කින් පරාජය කළ හුංගම විජයබා විදුහලටද අත්වුණි.

තරගාවලියේ අවසන් මහා තරග අගෝස්‌තු 28 සහ 29 දෙදින කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩී. එස්‌. අයි. සුපර් ස්‌පෝර්ට්‌ස්‌ වොලිබෝල් ශූරතා අවසන් මහා තරග සුදුසුකම් ලැබූ කණ්‌ඩායම්

14 න් පහළ බාලිකා

තොඩුවාව ශාන්ත අන්තෝනි - පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත්

14 න් පහළ බාලක

සීනිගම විමලබුද්ධි - මාදම්පේ සේනානායක

16 න් පහළ බාලිකා

ආනමඩුව ම.ම.වි. - ඉබ්බාගමුව ම.වි.

16 න් පහළ බාලක

රුවන්වැල්ල රාජසිංහ - මාදම්පේ සේනානායක

18 න් පහළ බාලිකා

ආනමඩුව මහා විද්‍යාලය - මාදම්පේ - සේනානායක

18 න් පහළ බාලක

සීදුව දවිසමර - මාදම්පේ සේනානායක



 

 

අන්තර් පාසල් පාපන්දු තරග මාතර උයන්වත්තේ දී-2008

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන “හොල්සිම්” කුසලාන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය මේ මස 30, 31 සහ පෙබරවාරි 1, 2 යන දිනවල මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ජර්මානු රජයේ ආධාර ඇතිව මාතර උයන්වත්තේ සාදා නිමකරන ලද නව කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා පිටි දෙකක මේ තරග පැවැත්වේ.
මේ තරග මාලාව සඳහා පාසල් කණ්ඩායම් 20ක් සහභාගි වෙති.
තරග පැවැත්වෙන මේ කී‍්‍රඩාංගණය 30 වැනිදා සවස විවෘත කැරේ.
ප‍්‍රථම තරග 30 වැනිදා සවස 3ට ආරම්භවේ. මෙදින තරග දෙකක් පැවැත්වෙන අතර, එම තරග දෙක සඳහා කොළඹ සහිරා විදුහල සහ මාතර ෂර්වේසස් විදුහල තරග වදින අතර, කොළඹ ලුම්බිණි විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල තරග වදිති.
මේ තරගාවලිය ඒ, බී, සී සහ ඩී වශයෙන් කොටස් හතරකට බෙදා ඇත.
‘ඒ’ කොටසට කොළඹ සහිරා, මාතර ෂර්වේසස්, කටුගස්තොට සහිරා, රත්නපුර ඇලෝසියස්, මන්නාරම සාන්ත සේවියර් තරගවදිති.
‘බී’ කොටසට අලුත්ගම සහිරා, ගම්පොළ වික‍්‍රමබාහු, තිහාරිය අල් අසාර්, අනුරාධපුර සාන්ත ජෝශප්, ති‍්‍රකුණාමලයේ කින්යා මධ්‍ය මහා විදුහල තරග වදිති.
‘සී’ කොටසට නුවරඑළිය ෆොඩයිස් දෙමළ විදුහල, මීගමුව මාරිස්ටෙලා, බදුල්ල අල් අදහාන් ම. ම. විදුහල, පිළියන්දල මධ්‍ය මහා විදුහල, කල්මුණේ සහිරා තරගවදී.
‘ඩී’ කොටසට කොළඹ ලුම්බිණි, ගාල්ල රිච්මන්ඩ්, වරකාපොළ බාබුල්හසන්, පොළොන්නරුව මුස්ලිම් විදුහල, මඩකළපුව අලිගර් මහා විදුහල තරගවදිති.