වෙබි අඩවිය සැකසීමට උපදෙස් දුන් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.තේනබදු මහතාට ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිරෝෂි ගුණවර්ඩන මිය. නිවිතිගල කලාපයේ ගණිත ගුරු උපදේශක පතිරත්න ගුරු පියාණන්ට , ඒ සදහා අවස්ථාව ලබා දුන් පළාත් ශාරිරික අධ්‍යාපන අධ්‍යක්ෂ උපසාර අලහකෝන් මහතාටත් ,රෝහිත ජයවර්ධන මහතා , නන්දන සිසිරකුමාර මහතාත් ගෞරවයෙන් සිහිපත් කරමි. .




සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු‍වේ ක්‍රීඩා අංශය වෙත පැමිණි ඔබ සාදරයෙන් පිලිගනිමු.


අපගේ උණුසුම්‍ සුභපැතුම්‍


අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට බඳවා ගැනීම සඳහා පැවැති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල  අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ නිවිතිගල කොට්‍ඨාශයේ ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශිකා සුමිතා දෙල්ගොඩආරච්‍චි මිය ලකුණු මිය191 ලබා ගනිමින් 7 වැන් ස්ථානයට තේරී පත්වී ඇත. 

අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වැනි පන්තියට බඳවා ගැනීම සඳහා පැවැති සීමිත තරගවිභාගයේ ප්‍රතිඵල  අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර කොට්‍ඨාශයේ ර/රත්/කුමර විදුහලේ

ශරීර සුවතාවය
තයිකොන්ඩෝ




බාස්කට්‍බෝල්




බයිසිකල් ධාවන තරග

මල්ලව පොර




පාපන්දු



පාපන්දු


සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා -2011
SPORTS  SABARAGAMUWA PROVINCE- 2011
මෙතනින් ඇතුල් වන්න
http://sabaragamuwasports.blogspot.com












නිවිතිගල කලාපය




























































මාවනැල්ල කලාපය














කෑගල්ල කලාපය














රත්නපුර කලාපය










































































































                පුවත්


ශූරතාවය ලබා ගත් රත්නපුර අධ්‍යාපන කලාපය
    අනු ශූරතාවය කෑගල්ල අධ්‍යාපන කලාපය


------------------------------------------------------------------------------------------------------------
නව පළාත් වාර්තා 23 ක් තබමින් XXI වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල නිමාවට පත් වේ. (2011.07.11)
සමස්ථ ක්‍රීඩා ශූරතාවය රත්නපුර අධ්‍යාපන කලාපය හිමි කර ගනිමින් XXI වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල ඊයේ (11) කෑගල්ල නාගරික ක්‍රීඩාංගනයේදී අවසන් විය.
පසුගිය 8 වෙනිදා පටන් පුරා දින හතරක් පැවති XXI වන සබරගමුව පළාත් ක්‍රීඩා උළෙලට කෑගල්ල ,මාවනැල්ල ,දෙහිඕවිට රත්නපුර, ඇඹිලිපිටිය , නිවිතිගල සහ බලංගොඩ යන සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප හතකට අයත් පාසල් 1157 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තුන්දහසක් පමණ මෙම තරඟාවලියට ඉදිරිපත් වූහ.
-----------------------------------------------------------------------------------------------------------
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙළ අද 
2011/07/08

XXI වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල අද (2011/07/08) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පළාත් මහ ඇමති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් කෑගල්ල නගර සභා පිටියේ දී ආරම්භ විය.
රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකට අයත් සබරගමුව පළාතේ කෑගල්ල, මාවනැල්ල, දෙහිඕවිට, රත්නපුර, ඇඹිලිපිටිය, නිවිතිගල සහ බලංගොඩ යන අධ්‍යාපන කලාප හතකට අයත් පාසල් 1157ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තුන්දහසක් මෙහි දී තරගවලට එක් ව සිටින බව සබරගමුව පළාත් සභාව පවසයි. අද සිට තෙදිනක් පුරා පැවැත්වෙන සබරගමුව පළාත් 21 වන ක්‍රීඩා උළෙලට කණ්ඩායම් තරග 16ක් සහ කේවල තරග ඉසව් 125ක් ඇතුළත්ය. සමාරම්භක අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් අධ්‍යාපන ලේකම් එච්.පී. කුලරත්න හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. අබේසිංහ මහත්වරු ද එක් ව සිටිති. කණ්ඩායම් තරඟ 16 ක් සහ තරඟ ඉසව් 125 ක් ඊට ඇතුලත් විය. ජ්‍යෙෂ්ට අංශයේ සමස්ථ ක්‍රීඩා ශූරතාවය ලකුණු 687.5 ක් හිමි කරගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි වූ අතර ලකුණු 607.5 ක් හිමිකර ගත් කෑගල්ල අධ්‍යාපන කලාපය අනුශූරතාවය දිනා ගන්නා ලදී. ලකුණු 255 ක් හිමිකරගත් මාවනැල්ල අධ්‍යාපන කලාපය තෙවන ස්ථානයට පත්විය. ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා තරඟාවලියේ මලල ක්‍රීඩා බාලක පාසල් ශූරතාවය ලකුණු 81 ක් ලබාගත් කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය හිමි කරගත් අතර ලකුණු 79 ක් හිමිකරගත් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයට දෙවන තැන හිමි විය. ලකුණු 49 ක් ලැබූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය එහිදී තෙවන ස්ථානයට පත් විය. ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා තරඟාවලියේ මලල ක්‍රීඩා බාලිකා පාසල් ශූරතාවය ලකුණු 169 ක් ලබාගත් රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි වූ අතර ලකුණු 111 ක් ලබාගත් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය දෙවන ස්ථානයට පත්විය. එහි තෙවන ස්ථානය ලකුණු 27 ක් ලබා ගත් කෑගල්ල තෝලංගමුව මධ්‍ය මහ විද්‍යාලය දිනා ගන්නා ලදී. XXI වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල මෙවර නිමාවට පත් වූයේ නව පළාත් වාර්තා 23 ක් සහ තවත් වාර්තා 7 ක් සම කරමිනි. ඊයේ (11) සමාප්ත උළෙල සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට මහ ඇමතිවරයාට අමතරව පළාත් ක්‍රීඩා ඇමති ශ්‍රී ලාල් වික්‍රමසිංහ , පළාත් සභා මන්ත්‍රී යූ.කේ. ආර්. අබේරත්න , පළාත් අධ්‍යාපන ලේකම් එච්. පී. කුලරත්න , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ආර්. අබේසිංහ යන මහත්වරුද සහභාගී වූහ. කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් දැරියන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍ර සමුගැනීමේ සන්දර්ශනයක්ද සංවිධානය කර තිබිණි.
 -----------------------------------------------------------------------------------------------------------


සබරගමුවෙන් තවත් සුසන්තිකාලා තිදෙනෙක් මතුවන ලකුණු. - මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලිකා ශූරතාවය,අති දක්ෂ ක්‍රීඩිකාව සහ ජනප්‍රියම ක්‍රීඩා තරුව සබරගමුවෙන්. (2010.10.04)
2010 සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ඉදිරිපත්ව කාන්තා අති ශූර සම්මානය, බාලිකා ශූරතාවය, දිවයිනේ ජනප්‍රිය පාසල් ක්‍රීඩා තරුව සහ සමස්ථ තරඟාවලියේ තෙවන ස්ථාන යන විජයග්‍රහණ සබරගමුවට හිමි වීම පළාතට මහත් අභිමානයකැයි සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙල 2010 ඊයේ (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී නිමාවට පත් විය.
මෙහිදී සමස්ථ බාලිකා ශූරතාවය ලකුණු 133 ක් ලැබූ රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි විය. වයස අවුරුදු 19 න් පහල මීටර 200 ඉසව්ව ජයගත් සබරගමුව පළාතේ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ජීවන්ති පබසරා සේනානායක ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.


රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ එල්.ඩී.එන් ගිම්හානි ජයතිලක 19 න් පහල කඩුළු මතින් දිනීමේ බාලිකා තරඟය විනාඩි 01 .03.22 කින් නිමා කර එම පාසලේම එම් එන් කලුපහන විනාඩි 01.03.40 කින් නිමා කර තබා තිබූ වාර්ථතාව බිඳ හෙලීය.


මෙවර පළමු වරට තෝරා ගනු ලැබූ ජනප්‍රිය ක්‍රීඩා තරුව වීමේ භාග්‍ය හිමි වූයේද රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ පී.ඒ ඉෂාරා සන්දීපනී ය.


මෙම සමස්ථ තරඟාවලියේ දිවයිනේ පළාත් නවය අතුරින් ලකුණු 289 ක් ලබා ගනිමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.


සබරගමුව මහ ඇමති මහීප‍ාල හේරත් මහතා සඳහන් කළේ වසර 05 කට පෙර තමා සබරගමුව ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් වන විට අන් සෑම ක්ෂේත්‍රයකදී මෙන්ම ක්‍රීඩාවට අදාලවද සබරගමුව පළාත දැඩි පසුබෑමකට ලක්ව තිබූ බවය. එදා අප දිවයිනේ පළා‍ත් අතුරින් ක්‍රිඩාවට අදාලව 7 වන හෝ අටවන ස්ථානයේ පසු වුනෙමු.


මා වසර 05 කට පෙර ක්‍රිඩා අමාත්‍ය ධූරය ප්‍රධාන අමාත්‍යාංශයට පවරා ගැනීමෙන් අතතුරුව පළාතේ ක්‍රිඩා උන්නතිය සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන සය දීර්ඝ කාලීන වශයෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක් හඳුන්වා දුනිමි. පාසල් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් මෙන්ම ක්‍රීඩාව සඳහා අවශ්‍ය යහපත් වටාපිටාවක්ද නිර්මාණය කළෙමි. දැන් මේ අපේ සබරගමුවේ දරු දැරියන් එම වෑයමේ ආසන්නතම අස්වනු නෙලමින් සිටී.


ඔලිමිපික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ අපේ සබරගමුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාවයි. ඈ ක්‍රීඩාපිටියෙන් සමු ගැනීමෙන් පසු ඇතිවුණු හිඩස පිරවීම සඳහා සබරගමුවේ ජීවන්ති පබසරා, ඉෂාරා සන්දීපනී , ගිම්හානි ජයතිලක වැනි තවත් ක්‍රීඩා තරු රැසක් මතුවීම සබරගමුවට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවටම ආශිර්වාදයකැයිද මහ ඇමතිවරයා වැඩි දුරටත් කීය.


----------------------------------------------------------------------------------------------------------
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2010 සමස්ථ ශූරතාවය රත්නපුරය ට. අනුශූරතාවය කෑගල්ල ට. දක්ෂතම ක්‍රීඩිකාව ඉෂාරා සන්දීපනී. දක්ෂතම ක්‍රීඩකයා යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර . මෙවර සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී සබරගමුව, බස්නාහිර ට අභියෝගයක් වනු ඇතැයි තිලිණ ප්‍රධානය කරමින් ඇමති බන්ධුල ගුණවර්ධන කියයි. (2010.07.13)
සමස්ථ ශූරතාවය රත්නපුර අධ්‍යාපන කලාපය දිනා ගනිමින් පුරා සිව් දිනක් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ පැවති 2010 XX වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල ඊයේ (12) අවසන් විය.


සබරගමුව පළා‍ෙත් අධ්‍යාපන කලාප හත නියෝජනය කරමින් ක්‍රීඩා වාර 256 ක් ඉසව් 135 ක් හා කණ්ඩායම් ක්‍රීඩා 55 ක් මේ දින හතර පුරා පැවති අතර ජ්‍යෙෂ්ඨ තරඟාවලියේ සමස්ථ ක්‍රීඩා ශූරතාවය ලකුණු 635 දින‍ාගත් රත්නපුර අධ්‍යාපන කලාපයට හිමි වූ අතර අනුශූරතාවය ලකුණු 609 ක් ලැබූ කෑගල්ල අධ්‍යාපන කලාපයට ද තෙවන ස්ථානය ලකුණු 221 ½ ලැබූ මාවනැල්ල අධ්‍යාපන කලාපයට හිමි විය.


ජය සංකේත හ‍ා තිලිණ ප්‍රධානය අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන , සබරගමුව මහ ඇමති මහීපාල හේරත්, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්වරු අතින් ඊයේ (12) සිදු විය.


මෙහිදී තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩිකාව වූයේ මීටර 100 තත්පර 12.1 කින් අවසන් කළ රත්නපුර ‍ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ජී.ඒ. ඉෂාරා සන්දීපනී දයානන්දයි. තරඟාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා වූයේ මීටර 400 තත්පර 50.8න් අවසන් කළ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ යූ.එම්.ආර්.ඩී. බණ්ඩාර යි.


බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේ පසුගිය වසරේ පැවති සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා තරඟාවලියේදී දිවයිනේ පළාත් නවය අතුරින් තෙවන ස්ථානය හිමිකර ගත් සබරගමුව පළාත මේ වසරේ පැවැත්වීමට නියමිත එම තරඟාවලියේ දී බස්නාහිර පළාතට අභියෝගයක් වනවාට සැක නැති බවය.


මෙවර සබරගමුව පළාත් ක්‍රීඩා තරඟාවලිය ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන, දේශයට ඔරොත්තු දෙන සබරගමුවට ආඩම්බරයක් යැයි කී හෙතෙම ඒ පිළිබඳව රජයේ ගෞරවය පල කරන බවද කීය.
------------------------------------------------------------------------------------------------------------
2010 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 09 වන දා පටන් 12 වන දින දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී. (2010.07.08)
2010 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල මෙමස 09 වන දින පටන් 12 වන දින දක්වා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


සබරගමුව පළාතට අයත් මාවනැල්ල, කෑගල්ල , දෙහිඕවිට , රත්නපුර, නිවිතිගල , බලංගොඩ සහ ඇඹිලිපිටිය යන සප්ත අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 ක් පමණ මෙම තරඟාවලියට ඉදිරිපත් වේ.


එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා සමාරම්භක දින (2010.07.09) පෙ.ව. 8.30 ට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිතය.


එම ක්‍රීඩා තරඟාවලියේ ජය සංකේත සහ තිලිණ ප්‍රධානය 2010.07.12 පස්වරු 2.00 ට සිදු කිරීමට නියමිත අතර මහ ඇමති මහීපාල හේරත් , අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන යන මහත්වරු අතින් සිදු කෙරේ.